අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු වැටුප් විෂමතාවත් ඉදිරියේ දී අපි විසඳනවා -අධ්‍යාපන අමාත්‍ය

    ජූලි 19, 2019

    විපක්ෂයේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් අධ්‍යාපනය සම්බන්ධයෙන් හඩනැගූ අයෙක් වශයෙන් තමා අධ්‍යාපන විෂයභාර අමාත්‍යවරයා ලෙස පත්වන විටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති බොහෝ ගැටළු හඳුනාගෙන සිටි බවත්, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප සියයට 106කින් වැඩි කළා සේ ම, මුදල් අමාත්‍යාංශයේ ද සහාය ලබාගනිමින් ගුරු වැටුප් විෂමතාව ද ඉදිරියේ දී විසඳීමට කටයුතු කරන බවද, අධ්‍යාපන අමාත්‍ය,නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.

    අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ළඟම පාසල හොඳම පාසල සංවර්ධන ව්‍යාපෘති ආධාර යටතේ රුපියල් මිලියන 55ක ප්‍රතිපාදනයෙන් ගිරිඋල්ල, හෙන්ඩියගල රතනපාල මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය, කණිෂ්ඨ ද්විතීයික විද්‍යාගාරය සහ තාක්ෂණ ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් අද (19) පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    මෙහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, “මම පසුගිය දා පුවත්පත්වලට නිකුත් කළා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කර ඇති ආකාරය ගැන. අපි සියයට 106කින් ගුරු වැටුප් වැඩිකරල තියෙනවා. පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ මූලික වැටුප තිබුණෙ රු21,750/යි. දැන් ජ්‍යේෂ්ඨත්වය අනුව දීමනා සහිත ව, රුපියල් 81,950/- ක් දක්වා උපයා ගන්න පුළුවන්. විදුහල්පතිවරුන්ගේ වැටුපත් ඊට අනුව වැඩිකරල තියෙනවා. ඒවගේ ම විදුහල්පතිවරයෙකුගේ දීමනාව රු 6500 තෙක් වැඩිකරල තියෙනවා...”යැයි ද පැවසී ය.

    රජය ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප රු2,800 සිට 20,000 දක්වා වැඩිකර ඇති බවත්, රුපියල් 1000ක් 2000ක් වෙනුවෙන් එදා වර්ජන කළ අය කිසිවෙකුටත් අද චෝදනා කළ නොහැකි බවත්, ගත වූ වසර 4-5 තුළ වත්මන් රජය ගුරු -විදුහල්පති වැටුප් වැඩිකර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, තවදුරටත් කරුණු දක්වමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන්නට කටයුතු කරන අය තම හෘදසාක්ෂියට එකඟව සිතා බැලුවොත් එය ඉතා අසාධාරණ බව අවබෝධ කරගනු ඇති බව ද කියාසිටියේ ය.

    බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya