අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 4 දා - අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු 5 ඇරඹෙයි

    ජූලි 19, 2019

    මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත. උසස් පෙළ විභාගය සඳහා මෙවර නව විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක් ද, පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475ක් ද පෙනී සිටියි. ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 337,704ක් වන අතර මධ්‍යස්ථාන 2,678ක මෙවර උසස් පෙළ විභාගය පැවැත්වේ.

     එමෙන් ම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2019 අගෝස්තු මස 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, සිංහල මාධ්‍යයෙන් සිසුන් 255,529ක් ද, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,840ක් ද මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි. ඒ අනුව, සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 339,369ක් වන අතර, මධ්‍යස්ථාන 2,995ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya