මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා වර්ධනය කිරීමට රජයේ ප්‍රමුඛත්වය

    ජූලි 19, 2019

    ප්‍රධාන රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ තදබදය අඩු කිරීමේ අරමුණින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වර්ධනය කිරීමට රජය ප්‍රමුඛත්වය දී තිබෙන බවත් ඒ සඳහා ලෝක බැංකුවෙන් ලැබී ඇති ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක සහන ණය මුදලින් ප්‍රාථමික රෝහල් දියුණු කිරීමට කටයුතු යොදා ඇති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැසුවා ය.

    මෙයට අමතර ව රජයේ රෝහල් වල සුව දිවි මධ්‍යස්ථාන නමසිය හතළිස් දෙකක් හා සුව නාරි සායන මධ්‍යස්ථාන නමසිය හතළිහක් ආරම්භ කොට ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ(18)පැවති මාධ්‍ය හමුවක දී ලේකම්වරිය සඳහන් කළා ය.

    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සේවාවන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති මෙම මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ වසන්තා පෙරේරා මහත්මිය මේ විට රජයේ රෝහල් මගින් හදවත් සැත්කම් වලට භාජනය කරන රෝගීන්ට නොමිලේ ස්ටෙන්ට් ලබා දීම,අක්ෂි සැත්කම්වල දී අක්ෂි කාච නොමිලේ ලබා දීම සිදු කරන නමුත් ඒ පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් නොමැති බවත් කීවා ය.

    මෙහිදී මාලඹේ නෙවිල් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන සඳහන් කළ ලේකම්වරිය පසුගිය දිනවල මෙම රෝහල පිළිබඳව නොයෙකුත් වැරදි අදහස් පැතිර ගිය බවත් එම රෝහල සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බවත් පැවසුවාය.

    මෙම රෝහල පිහිටි ඉඩම අයිති නාගරික සංවර්ධන අධිකාරියටයි.දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා එහි අංග අංග සම්පූර්ණ රෝහලක් ඉදි කොට තිබෙනවා.ඔහු ලංකා බැංකුවෙන් ඒ සඳහා ණය මුදලක් ලබාගෙන ද ලබා ගෙන ඇති අතර එම රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් කෝටි 350 ක් වෙනවා.මෙම රෝහලේ අයිති ය රජයට ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විට ලංකා බැංකුව සමග අවශ්‍ය කටයුතු කරගෙන යන බව ද ඇය පැවසුවා ය.

     

    මෙම මාධ්‍ය හමුවට එ වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,පසුගිය කාලය තුළ රජයේ රෝහල් පද්ධතිය ලබා ඇති දියුණුව,විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංඛ්‍යාව ඉහල යාම,රෝහ වල ශල්‍යාගාර පහසුකම් වර්ධනය වීම,හේතුවෙන් ජනතාව වැඩි වැඩියෙන් රෝහල් කරා ඇදී එන බව පැවසීය . මෙයට වසර පහළොවකට පමණ පෙර මේ රටේ හදවත් සැත්කම් සිදු කිරීමේ පහසුකම් තිබුණේ රෝහල් තුනක පමණයි. දැන් එම සංඛ්‍යාව විශාල ලෙස වැඩි වී තිබෙනවා එසේ ම ශල්‍යාගාර පහසුකම් සහිත පිළිගත් පෞද්ගලික රෝහල්වල සිදුකෙරෙන හදවත් සැත්කම් ගාස්තු ජනාධිපති අරමුදලෙන් ගෙවීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙනවා .මේ නිසා හදවත් සත්කම් පෝලිමේ අඩුවක් දක්නට ලැබෙන බව ද ඒ මහතා කීය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya