අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික වැඩසටහන ජූලි 29 සිට අගෝස්තු 05 දක්වා ගම්පහදී

    ජූලි 19, 2019

    "රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික වැඩසටහනේ හය වැන්න ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන සේ මෙම මස 29 දින සිට අගෝස්තු 05 වන දින දක්වා පැවැත්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සැලසුම් කොට ඇති අතර මේ සඳහා වූ මූලික සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  (18) පෙරවරුවේ දී පැවැත්විණි.

    මෙම වැඩසටහන සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙහිදී හිටිසේකර මහතා මේ පිළිබඳ පැහැදිලි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පැවැත්වෙන මේ වැඩසටහන අංශ 10ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බවත් මෙය ග්‍රාම ශක්ති, වකුගඩු නිවාරණය, පරිසර සංරක්ෂණය, දරුවන් සුරැකීම, මත්ද්‍රව්‍ය නිවාරණය, ස්මාට් ශ්‍රී ලංකා ජීවන වෘත්තීය වැඩසටහන සඳහා යොමු කිරීම, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, පුනරුදය ජාතික වැඩසටහන සහ ගම නැඟුම යන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත් මේ සඳහා සියලු නිලධාරීන්ගේ සහය අපේක්ෂා කරන බවත් පැවසීය.

    මෙම වැඩසටහන සියලුම අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණය යටතේ පැවැත්වෙන බැවින් ග්‍රාමීය මට්ටමමේ සිට සියලු නිලධාරීන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් 13හි අධීක්ෂණය යටතේ මීට සම්බන්ධවෙමින් ජනතා අවශ්‍යතා සපුරාලීම පිණිස ක්‍රියාකිරීමේ අවශ්‍යතාව හෙතෙම පැහැදිලි කළේය.

    මෙම වැඩසටහනෙහි සමාප්ති උත්සවය සහ ප්‍රගති සමාලෝචනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය පොදු ක්‍රීඩාංගණයේදී ලබන මස 05 වෙනි දින පැවැත්වෙන බව හිටිසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන පැවති අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවැන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල්, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරු ඇතුළු ජනාධිපති ලේකම් කාර්යාලයීය නිලධාරීන් කිහිපදෙනෙකු මෙම වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි කළහ.

    DMU-  Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya