අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යං ඔය ජලාශය ඉදිකිරීමේ දී ඉඩම් අහිමි වූ තවත් පිරිසකට වන්දි පිරිනැමේ

    ජූලි 18, 2019

    හොරොව්පතාන යාං ඔය ජලාශය ඉදිකිරීමේ දී පදිංචි ඉඩම් අහිමි වූ තවත් ගොවීන් පිරිසකට වන්දි මුදල් ප්‍රදානය කෙරේ.

    මෙම වන්දි මුදල හිමිවුයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පුද්ගලයින් 36 දෙනෙකුටයි. ඔවුනට හිමි වූ මුළු වන්දි මුදල රුපියල් හාරකෝටි විසිලක්ෂයකි.

    මෙම වන්දි මුදලට අදාල චෙක්පත් ප්‍රදානය අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (17) සිදුකෙරිණි.


    හොරොව්පතානේ ගොවීන් සඳහා යාං ඔය ජලාශය ඉදිකිරීමේ දී ඉඩම් අහිමි වීම වෙනුවෙන් සහ කන්න කිහිපයක් වගා කර ගැනීමට නොහැකි වීම වෙනුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී වන්දි මුදල් ප්‍රදානය කර තිබේ. ඉඩම් කැබලි 706 ක් වෙනුවෙන් මීට පෙර පූර්ණ වන්දි සහ ඊට අදාල පොලී මුදල් සහිතව රුපියල් පනස්පන් කෝටි පනස්තුන් ලක්ෂ අසූදහසක් ප්‍රදානය කර තිබේ. ඊට අමතරව කන්න කිහිපයක් වගා කිරීමට නොහැකි වීම වෙනුවෙන් ද වන්දි මුදල් ප්‍රදානය කර ඇත. ගොඩ හා මඩ ඉඩම් කැබලි 1326ක් වෙනුවෙන් දහ අට කෝටි හැට හතර ලක්ෂ අසූ අට දහසක් ඒ සඳහා ගෙවීම් කර තිබේ. මේ අතර ගොවි පවුල් 1037 කට යැපීම් දීමනා ලෙස රුපියල් පනස් කෝටි දෙලක්ෂ හැත්තෑ හතර දහසක් ගෙවා ඇත.


     වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක , යාං ඔය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ උදය හේමකුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

    DMU/Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya