මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන බස ඉගෙනුමෙන් ඉහළ දස්කම් දැක්වූ සා.පෙළ සිසුන් 3,500ක් අගයයි- ගුරුවරුන් 600 කටත් සම්මාන

    ජූලි 18, 2019

    'දන්නව නම් උගන්වන්න- දන්නෙ නැත්නම් ඉගෙන ගන්නනමින් ක්‍රියාත්මක කරන ලද ගුවන්විදුලි වැඩසටහන් ශ්‍රවණය කර, 2018 අ.පො.ස (සා.පෙළ) විභාගයේ සිංහල හා දෙමළ භාෂා විෂය ධාරාව සඳහා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,500 දෙනෙකු සහ ඔවුන්ගේ ගුරුවරුන් 600දෙනෙකු ඇගයීම සඳහා සංවිධානය කෙරෙන උත්සවයක් 2019 ජූලි 18 දින සවස 3.00 සිට කොළඹ 03, අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.

    මෙම වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙයි.

    සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇත. සිංහල සිසුන් තුළ දෙමළ භාෂා අවබෝධයත්දෙමළ සිසුන් තුළ සිංහල භාෂා අවබෝධයත් පවතින්නේ අවම මට්ටමකය.

    දෙවන බස ප්‍රවර්ධනය කිරීම උදෙසා ගුවන්විදුලි මාධ්‍ය උපයෝගී කරගනිමින් ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂාසමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ රාජ්‍ය භාෂා දෙපාරතමේන්තුව මඟින් වැඩසටහන්ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. මේ සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවා සහ ප්‍රාදේශීය සේවාවන් යොදා ගෙන ඇතමෙම වැඩසටහන ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂාසමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය මනෝ ගනේසන් මහතාගේ සංකල්පයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya