අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික සංවර්ධනය අඩු දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් ''ශිල්ප සේනා ''ඉදිරියටත් - කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ

    ජූලි 18, 2019

    ඉදිරියේ දී උතුරු නැගෙනහිර, ඌව වෙල්ලස්ස ඇතුළුදිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින්  ඉදිරියේ  දී' 'ශිල්ප සේනා'' ප්‍රදර්ශනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරන බව තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

    (18) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කෙරෙන ''ශිල්ප සේනා'' අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    රටක ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ විද්‍යාව තාක්ෂණය හා පර්යේෂණ යන අංශ මත බවත්, එම අංශයන් රටේ එක කණ්ඩායමකට පමණක් සිමා නොවී තවදුරටත් පුළුල් කරගැනීමට හා එකී ක්‍ෂේත්‍රයන්ගේ වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබා ගැනීම අරමුණු කරගන්නා බවත්, ඒ මහතා කීය.

    නව නිර්මාණාත්මක ක්‍රම, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව ක්‍රම හා විනෝදාංශ ආදී වූ විවිධ අංගයන් රැසකින් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර මෙමඟින් රැකියා පොළක් ඇති කිරීම, ත්‍රිවිධ හමුදාවේ නව නවෝත්පාදනයන්, ත්‍රිවිධ හමුදාවට බඳවා ගැනීමේ කටයුතු සිදු කිරීම හා නෙකුත් අංශයන් වල දැනුම ලබා දීමේ කටයුතු සිදු කිරීමට ද සියල්ල සැළසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පවසා සිටියේය.

    කෘෂි භාණ්ඩ, විදුලි උපකරණ ආදී වූ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ වට්ටම් සහිත ව පහසු මිලට ලබා ගැනීමට ද මෙහි දී හැකි වන බව ද, විද්‍යාව තාක්‍ෂණ හා පර්යේෂණ යන අංගයන්ගේ දැනුම දැයේ දුවා දරුවන්ට ලබා දීමට මෙමඟින් හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ අතර ඒ සඳහා බස්නාහිර පළාතේ සියලුම පාසල් වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් හා එම පාසල් වල විදුහල්පතිවරුන්ට ද ඒ සඳහා සහභාගී වන ලෙස මෙහි දී වැඩි
    දුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
    මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, විද්‍යාව තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි යන මහත්වරු ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya