අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ශිල්පසේනා 2019'' තාක්ෂණික ප්‍රදර්ශනය අගමැති ප්‍රධනත්වයෙන් ඇරඹේ

    ජූලි 18, 2019

    ශිල්පසේනා 2019 තාක්ෂණික ප්‍රදර්ශනය අද (18 ) දින පෙ.ව. 10.00 ට අගමැති රනිල් වික්‍රසිංහ මහතා හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ,බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වීමට නියමිත අතර නව නිපයුම්කරුන්ට අත දිමට තම රජය සුදානම් බවත් ඊට පිළියමක් ලෙස ශිල්ප සේනා 2019 ප්‍රදර්හනය පැවැතිවමිට තීරණය කළ බව ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවක දි විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසිය.

    වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, (18) දිනයේදි ආරම්භ වන මෙම තාක්ෂනික ප්‍රදර්ශනය දින 4ක් පුරාවට පැවැත්විමට නියමිත බවයි.

    19 වන දිනයේ දී බස්නාහිර පළාත් නාගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද,20 වන දිනයේ දි පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මහතා ද,21 වන දිනවන අවසන් දිනයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනයේ නිමාව සනිටුවහන් කිරීමට නියමිතය.

    ලෝකයේ විද්‍යා හා පර්යේෂණයන් සඳහා විශාල වශයෙන් රජයන් මුදල් වෙන් කළ ද අපේ රටේ අයවැය තුළින් ඉතා සුළු ප්‍රමාණයක් පමණයි ඒ සඳහා වෙන් වන්නේ යැයි ඇමතිවරයා සදහන් කළේ ය. නිර්මාණාත්මකව සිතා බලා විද්‍යා,තාක්ෂණය හා පර්යේෂණය වෙළදාමට එක් කර රටේ සංවර්ධනයට දායකත්වයක්ද දක්වන්න හැකියාව ලැබෙනවා.

    මෙම ප්‍රදර්හනය දිස්ත්‍රික්ක 24 පුරා ම ක්‍රියාත්මක කිරිමට තමා බලාපොරොත්තු වන බවත්,එමගින් මහපොළ වැනි ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කර විද්‍යාවෙන් ඉදිරියට එන නව නිපයුම්කඑරුවන් සදහා මුදල් දිමට බලාපොරොත්තු වන බව පැවසීය.


    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආංශු මාරසිංහ හා විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණඅමාත්‍යාංශයේ ලේකම් චින්තක .එස්. ලොකුහෙට්ටි මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya