අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " විමලවිකුම්ගම" ජනතා අයිතියට

    ජූලි 17, 2019

    2025 "සැමට සෙවන" උදාගම්මාන 20,000 සංකල්පය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය - වැලිකල ඉදි වු 217 නව ආදර්ශ ගම්මානය " විමලවිකුම්ගම " නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතා විසින් ජුලි 17 පස්වරු 01.00 ට ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

    මෙම "විමලවිකුම්ගම " ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව පවුල් 21 කට නිවාස හිමිකම් ලබාදීම, ජලය හා විදුලිය පහසුකම් ලබා දීම,, අභ්‍යන්තර මාර්ග පහසුකම් සංවර්ධනය මෙන් ම  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස, ඉකිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

    සංවර්ධන බිම් කොටස් 21 ක හිමිකම් ලබාදීම.( වටිනාකම රු. ලක්ෂ 105), ප්‍රතිලාභීන් 50 ක් සදහා "විසිරි ණය" චෙක්පත් ප්‍රදානය. (වටිනාකම රු. ලක්ෂ 100), ප්‍රතිලාභීන් 80 ක් සදහා " සොඳුරුපියස" නිවාස ණය ප්‍රදානය. ( වටිනාකම රු. ලක්ෂ 160), " ශිල්ප සවිය " පුහුණුලාභීන් 140 ක් සදහා ප්‍රතිලාභ ලබාදීම (වටිනාකම රු.ලක්ෂ 70), දෘෂ්ඨි ආබාධ සහිතවුවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය මීට සමගාමීව ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya