මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

    ජූලි 16, 2019

    දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද(16) සිට දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුෙව්, ඊයේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශෙය් පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා පැවසුවේ, 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත උල්ලංඝනය කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පනෙත් බලයලත් නිලධාරීන් වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් ඉදිරිෙය්දී දිවයින පුරා විශේෂ වැටලීම් සංවිධානය කර ඇති බවයි.

    ඒ අනුව අද (16) සහ හෙට (17) දෙදින තුළ ඇසල පෙරහැර ආරම්භ වන කතරගම පූජා නගර ආශ්‍රිතව මෙම වැටලීම් සිදු කිරීම් ආරම්භ කරන බවත් ඒ් අනුව ප්‍රසිද්ධ ස්ථාන වල මධ්‍යසාර භාවිත කරන්නන්,වයස අවරුදු 21 ට අඩු පුද්ගලයන්ට සිගරට්,අරක්කු බියර් වැනි මධ්‍යසාර අෙලවි කරන්නන් , මධ්‍යසාර ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

    දිවයින පුරා විසිරී සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2500ක පමණ සහභාගිත්වෙයන් මෙම වැටලීම් සිදු කරනු අතර තවදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසුවේ, පවතින නීති අකුරටම ක්‍රියාත්මක කිරීම තුළින් මහජනයා බේරා ගැනීමට කටයුතු කරන බවය.

     ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ බුලත් විට හෝ පුවක් මිශ්‍ර කළ බාබුල් වැනි ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් පවා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

    මේ අවස්ථාවට ඒක් වූ බෝ නොවන රෝග ඒකකයේ ඒ්කකෙය් අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවසුවේ බෝ නොවන රෝග හේතුවෙන් දිනකට පුද්ගලයන් 245ක් පමණ මරණයට පත්වන බවයි.

    දුම් කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් වසරකට බිලියන 200ක පමණ මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය වැය කරන බව පෙන්වා දුන් ඒ් මහතා දුම්කොළ සහ මධ්‍යසාර පනත උල්ලංඝනය කිරීමක් සිදු වේ නම් 1948 දරණ දුරකථන අංකයට දන්වන මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya