අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය මහරෝහල ජනතා අයිතියට

    ජූලි 16, 2019

    නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ දින (ජුලි මස 15) ජනතා අයිතියට පත් කළේ ය.

    නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 39 ක් වැය කරමින් මෙම නව රෝහල ඉදිකර ඇත. ඇදන් 422 කින් යුක්ත මෙම රෝහලේ නවීන වෛද්‍ය උපකරණ සවිකර ඇත. ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍යවරුන්, හෙඳ හෙඳියන් සඳහා නව නිල නිවාස ද ඇතුළත් වෙයි.

    මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2012 වසරේ දීය. නුවරඑළිය නව රෝහල ඉදිකිරීමෙන් පසු පැවැති ඇතැම් ගැටලු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත විසදීමෙන් පසු නව රෝහල විවෘත කිරීමට තීරණය විය. නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ඉහළ ගුණාත්මකභවින් යුත් සුරක්ෂිත ඵලදායි සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් නව මහ රෝහල විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya