මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීමත් ව රිය පැඳවීමෙන් වළකින්න- බීමත් රියදුරන් අල්ලන්න රට පුරා මාසයක මෙහෙයුමක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    ජූලි 15, 2019

    බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    ජූලි මස 05 වනදා සිට මාසයක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර ජූලි 13 වන දින සිට 14 වනදා උදෑසන 6 දක්වා පැය 24ක කාලය තුළදී බීමත් රියදුරන් 335ක් අත්අඩංගුවට ගෙන ඇත.

    බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නේ ජනතාවගේ යහපතට බවත්, බීමත් රියදුරන් නිසා සිදුවන රථවාහන අනතුරු අවම කිරීමට බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

    මෝටර් වාහන පනතේ 216 වන වගන්තියට අනූව බීමත් රියදුරන් සම්බන්ධයෙන් ලබාදෙන දඩුවම්ස දහන් වන අතර 2019 අංක 10 දරන මෝටර් වාහන සංශෝධන පනතෙන් මෙම 216 වන වගන්තිය සංශෝධනයට ලක්වී ඇත.

    ඒ අනූව සාමාන්‍ය වාහනයක රියදුරෙකු බීමත්ව රිය පදවා හසුවී අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වූ විට රුපියල් 25,000 ත් 30,000ත් අතර දඩ මුදලක් හෝ මාස 3කට නොවැඩි සිර දඩුවමකට හෝ එසේත්නො මැති නම් දඩ මුදල සහ සිර දඩුවම යන දෙකම අධිකරණය මගින් ඔහුට ලබාදෙනු ලබයි. එම දඩුවම් දෙකට අමතරව අදාල රියදුරුගේ රියදුරු බලපත්‍රය මාස 12කට නොවැඩි කාලයකට අත්හිටුවීමකට ද ලක් කරනු ඇත.
    මගී ප්‍රවාහන වාහනයක රියදුරෙකු බීමත්ව රිය පදවා හසුවී අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වූ විට රුපියල් 25,000 ත් 30,000ත් අතර දඩ මුදලක් හෝ මාස 6කට නොවැඩි සිර දඩුවමකට හෝ එසේත්නො මැති නම් දඩ මුදල සහ සිර දඩුවම යන දෙකම අධිකරණය මගින් ඔහුට ලබාදෙනු ලබයි.
    එම දඩුවම් දෙකට අමතරව එම මගී ප්‍රවාහන වාහනයේ බීමත්ව රිය පදවන ලද රියදුරුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමක්ද සිදුකරනු ඇත. බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකර අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අවස්ථාවක රිය අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් ලැබෙන දඩුවමට අමතර වශයෙන් බීමත්ව රියපැදවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂයක් සහ ලක්ෂ එකහමාරක් අතර දඩ මුදලකට යටත් වීමට අදාල රියදුරුට සිදුවනු ඇත.
    ඊට අමතරව එම දඩය හෝ අවුරුදු 2ත් අවුරුදු 10ත් අතර කාලය සදහා සිර දඩුවමක් හෝ දඩය සහ සිර දඩුවම යන 2ටම යටත් වීමට අදාල රියදුරු හට සිදුවනු ඇත. එමෙන්ම බීමත්ව රිය පදවා රිය අනතුරු සිදුකළ රියදුරුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමකටද ලක්වේ.

    මෙලෙස ලබාදෙන දඩුවම් පිළිබදව සහ බීමත්ව රිය පැදවීමෙන් සමාජයට සිදුවන හානිය පිළිබදව අවධානය යොමු කර බීමත්ව රිය පැදවීමෙන් වැළකීසිටින ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya