අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඉදිරියේ දී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට පියවර - ගැටලු නිරාකරණයට ක්ෂණික දුරකථන සේවාවක් හඳුන්වාදෙයි

    ජූලි 15, 2019

    ඉදිරියේ දී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට තමන් කටයුතු කරන බවත් දැනට පවතින මිල පිළිබඳ තමන් සැහීමකට පත් නොවන බවත් කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ පැවති කිරි ගොවීන් දැනුවත් කිරිමේ ප්‍රදර්ශනයකට එක්වෙමින් පැවසීය.

    තමා ඇමතිවරයාව සිටිය දී දෙවතාවක් කිරි මිල ඉහළ දැමු බවත් දැනට කිරි ලීටරයක් සදහා පවතින මිල වර්තමානයේ කිරි ගොවීන් මුහුණපාන ආර්ථික ගැටලු පදනම් කරගෙන විශේෂයෙන්ම කිරි එලදෙනුන් සදහා ලබා දෙන පෝෂ්‍යදායී සංඝටක සහ බෙහෙත් ද්‍රව්‍යවල මිලද පදනම් කරගෙන කිරි මිල ඉහළ දැමිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය වර්ථමාන කිරිපිටි මිලට ද සාපේක්ෂව දියර කිරි මිල ඉහළ දමන බව හෙතෙම කීය. රුපියල් 50ක් ව තිබු කිරි ලීටරයක මිල 70 දක්වා අමාත්‍යවරයා විසින් ඉහළ දමා තිබේ

    විදේශීය කිරිපිටි ආනයනය වෙනුවෙන් වාර්ෂිකව මිලියන 40 000ක් වැය කරන බවත් දේශීය කිරි ගොවියා නඟා සිටුවීම මඟින් එම මුදල මෙරට තුළ ඉතිරි කරගත හැකි බවත් ඉදිරියේදී දියර කිරි ප්‍රචලිත කිරීමට තම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙහි දී පැවැසීය .මේ වෙනුවෙන් නවීන තාක්ෂණය ගොවියා වෙත හඳුන්වා දීමේ වැඩසටහන් නොකඩවා ක්‍රියාත්මක කළ යුතුව ඇති බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    ලංකාවේ පලමුවරට කිරි ගොවි ගැටලු විසදීමේ ක්ෂණික දුරකථන ඇමතුම් සේවය 6162 "සවිය " අමාත්‍යවරයා විසින් ආරමිභකරන ලදී. මෙමඟින් කිරි නිෂ්පාදනයේ දී කිරි ගොවියා මුහුණපාන ගැටලු සඳහා වන ක්ෂණික විසඳුම් සේවය "සවිය" ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් එය නිතැතින්ම කිරි ගොවියාට ශක්තියක් වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය .

    ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ(USDA) MOD ව්‍යාපෘතිය හරහා උතුරු මැද පළාතේ කිරි ගොවීන් දැනුවත් කිරීමේ මෙම වැඩසටහනෙන් ගොවීන්ට නව දැනුම එක්රැස් කර ගැනීමට හැකියාවක් ලැබෙන අතර කිරි නිෂ්පාදන කර්මාන්තයේ තිරසාර ආදායමක් උදෙසා එම තාක්ෂණය භාවිතා කිරීමට ද ඉදිරියේ දී මෙමඟින් හැකියාවක් ලැබෙනු ඇතැයි කිරි ගොවීන් දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය..

    ඉදිරියේ දී කිරි ගොවියෙකුගෙන් සාරවත් කිරි මුරයක් ලබා ගැනීමට ද කිරිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද පෝෂ්‍යදායී ආහාර සමඟ නිරෝගී කිරි පට්ටියක් නඩත්තු කිරීමට කිරි ගොවියාට මෙමඟින් මහඟු අවස්ථාවක් සැලසෙනු ඇතැයි තමා විශ්වාසය පල කරන බව අමාත්‍යවරයා කීය.

    කිරි නිෂ්පාදනය අතින් රට ස්වයංපෝෂිත කිරීමට ලාංකීය ජනතාවට ගුණාත්මකභාවයෙන් යුතු නැවුම් දියර කිරි ලබා දිමටත් කිරි ගොවීන් හා ව්‍යවසායකයන්ගේ ලාභය ඉහළ නැංවීම අරමුණු කර ගෙන කිරි ගොවිපලවල් එලදායීව ඉහළ නැංවීමට ඇමරිකානු රජය මේ ලබා දෙන සහයෝගය තමන් අගය කොට සළකන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට USDA ව්‍යාපෘති අධ්‍යක්ෂ රිඩී එස්ලමන් මහතා,MOD ව්‍යාපෘති අධ්‍යක්ෂ මැතිව් ක්‍රවුස් මහතා සහ සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියපාල මහතා ඇතුළු නිළධාරීන් මෙන්ම ගොවීන් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya