අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක්

    ජූලි 15, 2019

    දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී (ජූලි මස 16 වන දා සිට),විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    යාපනය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කළ හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya