අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු බෝ කරන ස්ථාන සහ ආයතන ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර

    ජූලි 15, 2019

    නිවෙස් වලට අමතරව පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර සහ කර්මාන්ත ශාලා ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි අවධානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර දිගින් දිගටම මදුරු කීටයන් බෝ වන සේ එවැනි පරිශ්‍ර පවත්වාගෙන ගියහොත් එම ආයතන වල නම් ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    කොළඹ නගර සීමාව තුළ පමණක් ඉදිකිරීම් පරිශ්‍ර 500ක් පමණ ඇති අතර එම පරිශ්‍ර මදුරුවන් බෝවීමෙන් තොරව පවත්වා ගැනීම සඳහා සියලුම කොන්ත්‍රාත්කරුවන් වෙත විශේෂ උපදෙස් ලබා දී ඇතැයිද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ දැනට පවතින ඩෙංගු අවදානම් තත්වය සහ එය මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් (12) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෝසම් වැස්ස සක්‍රීය වීමත් සමඟ පසුගිය වසර වල මෙන් මෙවරත් ‍ජූනි සහ ජූලි මාස වලදී ඩෙංගු රෝගය යළි හිස ඔසවා ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්ථාවීමේ සැලකිය යුතු ඉහළයාමක් මේ වන විටත් පෙන්නුම් කරයි.කොළඹ, ගම්පහ,කළුතර,ගාල්ල,මාතර,හම්බන්තොට,රත්නපුර , කෑගල්ල සහ මහනුවර ඩෙංගු අවදානම වැඩි දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත.සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය අදාළ දිස්ත්‍රික් බලධාරීන් සමග ඒකාබද්ධව ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් සහ ප්‍රජාව දැනුම්වත් කිරීම් සිදු කරනු ලබයි.


    ඩෙංගු මදුරුවා වඩාත් සකීය වන්නේ පෙරවරු 6.00සිට 11.00දක්වාත්, පස්වරු 300 සිට 7.00 දක්වාත් කාලය තුල බැවින් මදුරු දෂ්ටයන් අවම කර ගැනීම සඳහා අත් පා ආවරණය වන සේ ඇඳුම් ඇඳීම, මදුරු විකර්ශක ආලේප කිරීම වැනි ක්‍රම අනුගමනය කල හැකියි. සොෆෙල් ක්‍රීම්,සොෆෙල් ඉසින,මොසෝ සහ මිනෝ 8 යන වෙළඳ නාම සහිත මදුරු විකර්ශක ගෘහස්ථ භාවිතය සඳහා සුදුසු බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් අනුමත කර ඇත.

     

    දාස්පෙතියා, සේර වැනි පැළෑටි මදුරුවන් ඇති වීම පාලනය කල හැකි පැළෑටි ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති අතර පාසල අවට පන්ති කාමරය අසලද එවැනි පැලෑටි වැවීම ප්‍රවර්ධනය කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සහ පෝෂණ ශාකාවේ අධ්‍යක්ෂ රේණුකා පීරිස් මහත්මිය පැවසුවාය. තවද ඉදිරියේදී පැවැත් වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර දිවයිනේ සියලු පාසල් පරීක්ෂාවට ලක් කර පාසල සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට උපදෙස් ලබා දී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

     

    මෙම අවස්ථාවට වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් ,සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්ම ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya