අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය නුවරඑළියේ ඉදිකිරීම් ආරම්භ කෙරේ

    ජූලි 15, 2019

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අද (15) නුවර එළියේ දී අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

    රුපියල් ලක්ෂ 1544 ක වියදමින් මේ සඳහා නව ගොඩනැගිල්ලක් නුවරඑළිය ලේඩි මැකලම් ඩ්‍රයිව් හි දී ඉදිකිරීම සිදුකරයි.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, මධ්‍යම පළාත් කාර්යාලය නුවරඑළියේ ඉදිකිරීමට තීරණය කළේ ජාතික හැඳුනුම්පත් සම්බන්ධ ගැටලු වැඩිම ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කයේ ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය හඳුනාගෙන තිබීම හේතුවෙන් බවයි.
    මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට කුරුණෑගල පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාල සමීප බැවින් මධ්‍යම පළාත් කාර්යාලය නුවරඑළියේ ස්ථාපිත කිරීම ගැටලුවක් නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    මේ වනවිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාල තුනක් ස්ථාපිත කර ඇති අතර උතුරු පළාත් කාර්යාලය වව්නියාව දිස්ත්‍රික්කයේ ද , නැගෙනහිර පළාත් කාර්යාලය මඩකලපුවේ ද, වයඹ පළාත් කාර්යාලය කුරුණෑගල ද පිහිටුවා ඇත. දකුණු පළාත් කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට ද මේ වනවිට එම දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
    ''ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ රාජ්‍ය සේවය හැකිතරම් ජනතාව සමීප කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා පුද්ගලයන්ලි යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් පළාත් මට්ටම දක්වා ගෙන යාමේ වැඩපිළිවෙල රජය විසින් ක්‍රියාත්මක කරනවා. මේ එහි තවත් එක පියවරක්. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව දැනට ක්‍රියාත්මක වෙන්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ පමණයි. නමුත් මධ්‍යම පළාත් කාර්යාලයේ සේවාවන් ආරම්භ කිරීමත් සමග පළාත් කාර්යාල වෙතින් ද එක්දින සේවාව ලබාදීමට සැළසුම් කර තිබෙනවා. එය ජනතාවව වඩාත්ප හසුවක් වේවි.''

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya