මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ජනපදිකයන් පන්දහසකට ඉඩම් ඔප්පු පිළිගැන්වීම අද ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජූලි 14, 2019

    සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ මහවැලි ගොවින් පන්දහසකට ඉඩම් අවසරපත‍්‍ර පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය කි‍්‍රඩාංගණයේ දී පැවැත් වේ.

    මහවැලි ජනපදිකයින් දිගුකලක් තිස්සේ මුහුණ පා සිටින ගැටලුවකට විසඳුම් ලබාදෙමින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 2016 වසරේ දි මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර සෑම මහවැලි ජනපදිකයෙකු වෙතම මහවැලි බිමේ උරුමය පිරිනැමීමේ ඉලක්කගත වැඩසටහන මේ වන විට අවසන් අදියර කරා පැමිණ තිබේ.

    ඒ අනුව මහවැලි බී කලාපය තුළ ඉඩම් ඔප්පු හා බලපත‍්‍ර 46,609ක් ද, සී කලාපය තුළ ඉඩම් ඔප්පු හා බලපත‍්‍ර 47,808ක ප‍්‍රමාණයක් ද, ඞී කලාපය තුළ ඉඩම් ඔප්පු 5,305 ක ප‍්‍රමාණයක් ද, එච් කලාපය තුළ 22,537 ක්, එල් කලාපය තුළ 14,372ක්, වික්ටෝරියා කලාපය තුළ 4,848ක්, හුරුළුවැව කලාපය තුළ 5,167ක්, මොරගහකන්ද කලාපය තුළ 9,463ක්, වලව කලාපය තුළ 43,718ක් හා රඹකැන්ඔය කලාපය තුළ 5,854ක් බැගින් මේ වන විට ලබාදී තිබේ.

    එමෙන්ම මහවැලි ජනපදිකයන්ගේ ජීවිත නගා සිටුවමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නැංවුණු අතර මහවැලි කලාප මතින් නිදහස් කලාප බවට පත් කිරීම වෙනුවෙන් ද මේ වන විට විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මකය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya