අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතරමඟ නැවතී ඇති හේනානිගල ආදී වාසි සංස්කෘතික මධ්‍යස්ථානය නැවත කඩිනමින් ඉදිකිරීමට පියවර

    ජූලි 13, 2019

    වසර 2013 දී සංස්කෘතික අමාත්‍යංශය විසින් ඉදි කොට දැනට අතර මග ඉදි කිරීම් නැවතී ඇති හේනානිගල ආදී වාසි සංස්කෘතික මධ්‍යස්ථානය නැවත කඩිනමින් ආරම්භ කිරීමට ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    මෙම සංස්කෘතික මධ්‍යස්ථානය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් ඉදි කෙරේ. මෙහි අවසන් අදියර සදහා රුපියල් ලක්ෂ 20 ආයෝජනය කිරීමට නියමිතය.

    සංචාරක කර්මාන්තය ඉහල නැංවීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම සංස්කෘතික මධ්‍යස්ථානය තුලින් ආදී වාසි ජනතාවගේ ජීවන තත්වය නගා සිටු වීමත් ආදී වාසි ජනතාවගේ පාරම්පරික සංස්කෘතිකාංග සංරක්ෂණය කිරීම මේ තුලින් බලාපොරොත්තුවන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරු ආලාහන පිරිවෙන් ව්‍යපෘති කළමනාකාර ටි.ජි.එස්.ඒ ගමගේ මහතා සදහන් කළේය.

    DMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya