අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැරදි අවබෝධ නැති කිරීමට සිංහල මුස්ලිම් ජනතාව අතර සාකච්ඡා,සංවාද තිබිය යුතුයි

    ජූලි 12, 2019

    අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් පසු රටේ උද්ගත වූ තත්ත්වය නිසා ජන කොටස් අතර හටගෙන ඇති වැරදි අවබෝධයන් නැති කිරීම සඳහා සිංහල සහ මුස්ලිම් ජනතාව අතර නිරන්තරයෙන් සාකච්ඡා සහ සංවාද වැඩි වැඩියෙන් පැවැත්විය යුතුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

    එසේම මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතිය හා එහි අනන්‍යතාවය රැක ගැනීමට ක්‍රියාකළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා ඊයේ (11) කොළඹ පැවැති සංවාදාත්මක හමුවකදී ප්‍රකාශ කළේය.

    ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සහ ඉස්ලාම් අධ්‍යාපන කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් මෙම සංවාදාත්මක හමුව පැවැත්විණි.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාලක කලුවැව මහතා; අප්‍රේල් 21 දා සිද්ධිය වාර්තා කිරීමේදී මෙරටේ සමහර ජනමාධ්‍ය හැසිරුණු ආකාරය අනුමත කළ නොහැකි බවත් පාස්කු පුහාරයෙන් පසු ඇතිවුණු සමාජ කම්පනය නිසා එම මාධ්‍ය වගකීම පැත්තකට දමා කටයුතු කළ බවත් පෙනී යන්නේ යැයි ද කීය.

    වර්තමානයේ මේ රටේ තරුණ පිරිසෙන් 55% ක්ම තොරතුරු දැනගන්නේ සමාජ මාධ්‍ය මගිනුයි.එමනිසා සමාජ මාධ්‍ය ජනතාවට තොරතුරු සැපයීමේදී වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා, සියවස් ගණනාවක සිට මුස්ලිම් ජනතාව වෙළදාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ රාජ්‍ය අනුග්‍රහයද සහිතව සිය වෙළදාම් කටයුතු කරගෙන ගිය නමුත් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ අරමුණක් ඔවුන් තුළ කිසිදාක නොතිබූ බව සඳහන් කළේ ය.

    එහෙත් පෘතුගීසින් ලන්දේසීන් සහ ඉංග්‍රීසින් ලංකාවට පැමිණියේ වෙළදාම් කිරීමේ මුවාවෙන් මෙරට ආක්‍රමණය කොට යටත් කර ගැනීම සදහා බවද ඒ මහතා පැවැසීය.

    ශ්‍රි ලංකාවට 1948 දී නිදහස ලබාදෙන අවස්ථාවේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර භේද ඇතිවන අන්දමින් බ්‍රිතාන්‍යයයන් කටයුතු කළ නමුත් ටී.බී ජයා වැනි මුස්ලිම් නායකයින් එම උගුලට හසු නොවූ බවද හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

    ඉස්ලාම් අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති එම්.ඉට්ටියාස්,ආසියානු මාධ්‍ය හා සංස්කෘතික කටයුතු සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ සහ මවුලවී මුනාගර් යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya