මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ජුලි 15 දා ජනතා අයිතියට

    ජූලි 12, 2019

    නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදිකළ නුවරEලිය දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය ජූලි මස 15 දින පැවැත්වීමට නියමිත බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසීය.

    ඇදන් 600 කින් සමන්වීත වාට්ටු සංකිර්ණයක්, නාවින තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහිතව අංග සම්පුර්ණව ඉදිකර ඇති මෙම රෝහල සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 7 ක් පමණ වේ. සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ආරාධනයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් සහ නෙදර්ලන්යේ ශ්‍රී ලංකා තානාපති ජෝන් ඩුර්නේවාඩ් මහත්මිය ඇතුළු සම්භාවනිය අමුත්තන් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

    DMU/NuwaraEliya 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya