අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසභංගය තුළින් ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා -අධ්‍යාපන අමාත්‍ය

    ජූලි 11, 2019

    අපි විශ්වාසභංගය ජයග්‍රහනය කරනවා.විශ්වාසභංගය තුළින් ආණ්ඩුව ශක්තිමත් වෙනවා.එයින් තවදුරටත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරජ් කාරියවසම් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අද (11) පාර්ලිමේන්තුවේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    අගමැතිතුමා සෝෆා ගිවිසුමක් නෑ කියලා පැහැදිළිව කිව්වා. ඇමෙරිකාව මේ ඇක්සා එක රටවල්  102ක් එක්ක අත්සන් කර තිබෙනවා.  ඇමෙරිකන් නැව් එකනකොට ලොජිස්ටික් දෙන්නෙ.මීට එහා දෙයක් නෑ  මෙතැන. යුද ආයුධ ගනුදෙනු කිරීම හෝ වෙනත් දෙයක් මෙතැන නෑ. බිල්ලෝ මවන්න එපා,රටේ ජනතාව  මෝඩයෝ කියලා හිතාගෙන.ජනතාවට ඒත්තු ගන්වන්න හදන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් එකක්.

    ජනතාව කාලයක් ඉඩම් බුක්ති වින්දත් ඔප්පුවක් නෑ. මේ ජනතාවට ඔප්පුවක් ලබාදීම වැරැද්දක් ද? මේ කාලයේ  අපට විරුද්ධව සෑම එකකටම විකුණන්නේ ජාතිවාදයයි,වර්ගවාදයයි,ආගම්වාදයයි.ඒ පිළිබඳව ජනතාව තේරුම්  ගනියි කියලා විශ්වස කරනවා.අපි විශ්වාසභංගය ජයග්‍රහනය කරනවා.පාස්කු සිද්ධියෙන් සම්බන්ධයෙන්  ආණ්ඩුවක් විදියට මේ සිද්ධිය ඇති වුණාම ගන්න ඕන සැම පියවරක් ම අගමැතිතුමා ගත්තා. එසේ පියවර අරගෙන  අපට පුළුවන් වුණා, ඉක්මනින් මර්දනය කරන්න. අද ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.පාසල් වසා තබා ගැනීමට ගොඩක් දේශපාලඥයන්ට වුවමනා වුණා. එයට ඉඩ දුන්නේ නෑ. අපි පාසල් පටන් ගත්තා. අද නැවතත් යථා තත්ත්වයට පත් වෙමින් යනවා. රජයක් විදියට මෙහි සත්‍ය තොරතුරු හඳුනාගැනීමට කාරක සභාවක් දැම්මා. එය
    අපේ ඇගේ දාන්න විවිධ අර්ථකතන කරන්න හදනවා. රජයක් හැටියට ගත හැකි සෑම පියවරක් ම අරගෙන රට  යථාතත්ත්වයට පත් වෙමින් යනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් යනවා. අධ්‍යාපනය දියුණු වෙනවා. සමෘද්ධිය  ලබාදෙනවා. විශ්වසභංගය තුළින් ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා. එයින් තවදුරටත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya