මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ඩිව් ආදර්ශවත් දේශපාලන චරිතයක්'' - කතානායක

    ජූලි 11, 2019

    අවංක දේශපාලනයේ ප්‍රතිමුර්තියක් බඳු ඩිවි ගුණසේකර මහතා ආදර්ශවත් දේශපාලන චරිතයක් බවත්,වර්තමානයේ තරුණ මන්ත්‍රිවරුන්ට ඔහු ආදර්ශයට ගතයුතු බවත්,පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මහතා පැවසිය.

    ජාතික දේශපාලන ප්‍රශ්නවල දී නිර්භයට අදහස් පළ කල ඒ මහතා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිමේ දි ඡන්දය පාවිචිචි කිරිම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්යය කළ යුතු බව යෝජනකෙල බවත් ඒ නිසා වර්තමානයේ ඡන්ද දුෂණ වැළැකි ගොස් ඇති බවත්,කතානායකවරයා ප්‍රකාශ කළේ, කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ඩිව් ගුණසේකර මහතාගේ දේශපාලනයට 60 වසරක් පිරිම නිමිත්තෙන් ඊයේ (10) පැවැති උත්සව සභාවේ දිය.

    වර්තමාන පාර්ලිමේන්තුවේ ඩිව් නොමැතිවිම බලවත් අඩුවක් ලෙස තමා දකින බවත්, පැවසූ කරු ජයසුරිය මහතා, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති වහයෙන් ඔහු විශිෂ්ඨ සේවයක් කළ බව ද සඳහන් කළේ ය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, විඩියෝ පණිවිඩයක් මඟින් ඩිව් ගුණසේකර මහතාට සුබ පතමින් ,ඩිව් වැනි අවංක එඩිතර චරිත10ක් හෝ 12තක් සිටින්නනේ නම් මේ රට ලෙහෙසියෙන් ම ගොඩ හැකි බව කිය.

    දේශපාලන,සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර සිදුවිම් පිළිබඳ පුළුල් දැනුමක් තිබෙන ඩිව් ගුණසේකර මහතා,දේහපලානයේ පිරිසිදු චරිතයක් පවත්, තමා ඔහුට ගරු කරන බවත් ජනාධිපතිවරයා තවදුරටත් පැවසිය.

    නේපාලයේ හිටපු අගමැති ඉහා නේපාල කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාධව කුමාර් නේපාල් මහතා මෙහි දි ප්‍රධාන දේශනය පැවැත්වූ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන , විශේෂඥ වෛද්‍ය ජී.විරසිංහ සහ ඩිවි ගුණසේකර යන මහත්වරු මෙහෙි දි කතා කළ හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya