අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් සාධාරණ මිලකට වෙළඳපොළට නිකුත් කිරීමට වැඩපිළිවෙලක්

    ජූලි 11, 2019

    දිසාපතිවරු මාර්ගයෙන් මිලදී ගන්නා වී තොග කුඩා වී මෝල් හිමියන්ට අලෙවි කර එම කර්මාන්තකරුවන් දියුණු  කිරීමටත් එම සහල් සාධාරණ මිලකට වෙළඳපොළට නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බව  කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා  පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ  වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙහිදී පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, වී අලෙවි මණ්ඩලය විසින් සියයට 10%ක පමණ ප්‍රමාණයක් වී  මිලදී ගන්නා බවත් ඉතිරි සියයට 90% පෞද්ගලික අංශය විසින් මිලදී ගන්නා බවය. මේ වනවිට දිසාපතිවරු හරහා වී මිලදී ගැනීම හා එම වී කුඩා මෝල් හිමියන්ට ලබාදී වෙලඳපොළට සාධාරණ  මිලකට සහල් නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බව සඳහන් කළේ ය. එමෙන් ම කුඩා මෝල්  හිමියන්ට මේ හරහා විශේෂත්වයක් ලබා දී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසා  සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya