අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි-මන්ත්‍රී දයාසිරි ජයසේකර සාක්ෂි ලබාදීමට පැමිණෙයි

    ජූලි 10, 2019

    පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් විය.

    අද පවතින කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැමිණියේ ය. මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත මීට පෙර කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද ඒ මහතා කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබුණි.

    කෙසේ වෙතත් මන්ත්‍රීවරයා අද පවතින කාරක සභාව හමුවට පැමිණියේ ය. කාරක සභාව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් ආරම්භ විය.

    මීට ආමතරව කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රනසිංහ මහතා සහ ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා කැඳවා තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya