අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානයට යොමු කර තිබෙනවා- අධ්‍යාපන අමාත්‍ය

    ජූලි 10, 2019

    ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානයට යොමු කර තිබෙන බවත් ඉදිරියේ දී ඒ  සඳහා අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  පවසයි.

    අධ්‍යාපන අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද  ජයතිස්ස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

    ගුරු වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට හුදකලාව කටයුතු කළ නොහැකි බව කී අමාත්‍යවරයා, පෙරට වඩා සාපේක්ෂව ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි වී තිබෙන බව සඳහන්  කළේ ය.එමෙන් ම රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප සහ විශ්‍රාම වැටුප ඉහළ නැංවීමට කටයුතු කළ බව ද  පැවසීය.ගුරු වැටුප් විෂමතවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානයට යොමු කර තිබෙන බවද  අමාත්‍යවරයා පැවසීය.

    ගුරු උපදේශන සේවය සහ ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය ඉතාමත් කෙටි කාලයක් තුළ විසඳෙනු ඇති බවද  අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya