අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාවන්ට හා ළමුන්ට මාධ්‍යයෙන් සිදුවන අනිසි බලපෑම අවම කරගැනීම ආචාර ධර්ම පද්ධතියක්- පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය තුසිතා විජේමාන්න

    ජූලි 10, 2019

    කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ක්ෂෙත්‍රයට අදාළ විමර්ෂනයට ලක් කළ යුතු සියලු අංශයන් සම්බන්ධයෙන් වන කටයුතු සලකා බැලීම,විමර්ෂනයට ලක් කිරීම ,අධීක්ෂණය හා එහි සාධනීය මට්ටම ,ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඇගයීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ (09) පාර්ලිමේන්තුවේදී රැස් විය.

    කාන්තාවන්ට හා ළමුන්ට මාධ්‍යයෙන් සිදුවන අනිසි බලපෑම අවම කරගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ගැණුනු අතර මේ සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගත යුතු බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පැවසුවාය.

    මීට පෙරද මෙම කාරක සභාව විසින් කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් බොහෝ ඉලක්ක සපුරාගෙන ඇති බවත් උප්පැන්න සහතිකයේ ඇති විවාහක බව යන තීරුව ඉවත් කිරීම මෙන්ම පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීම හඳුන්වා දීම වැනි උදාහරණ දැක්විය හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    කාරක සභාවේ ලේකම් , මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පසුගිය පාස්කු ප්‍රහාර සිද්ධිය ඇතුළු සිද්ධීන් කිහිපයකදී මාධ්‍ය හැසිරුණු ආකාරය උදාහරණයට ගනිමින් මෙමගින් දරුවන්ට වන හානිය පෙන්වා දුන් අතර ඉදිරියේදී මෙවන් සිදුවීම් නොවීම සඳහා මාධ්‍ය ස්වයං පාලනයක් ඇති කරගත යුතු බවත් සඳහන් කළේය.

     පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇතුළු විද්වත් මණ්ඩලයක් මෙම ආංශික අධීක්ෂණ සභාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya