අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ල නවීකරණයට පියවර

    ජූලි 10, 2019

    මේ වර්ෂයේදී සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට පියවර ගන්නා බව අමාත්‍ය පී. හැරිසන් මහතා ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සමඟ පැවැත්වූ සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

    ඒ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 25ක ලෝක බැංකු ආධාර ලබා ගැනීමට තමන් මැදිහත් වී කටයුතු කර ඇති බවත්, ඉදිරියේදී ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක බැංකු සියල්ල ද මේ යටතේ පරිගණක ගත කිරීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගොවිජන බැංකු පරිගණක ගත කිරීම සමඟ වාණිජ බැංකුව මට්ටමක එය පරිවර්තනය කළ හැකි බවත්, ඉන් ගොවීන්ගේ ආර්ථික ගැටළු විසඳීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

     

    එලෙසම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක හෙළ බොජුන් හල් අසල වසවිසෙන් තොර එළවළු සහ පලතුරු පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට ඉදිරියේදී කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා කීය.

     

    කෘෂිකර්ම සංවර්ධනය සඳහා වු ජාත්‍යන්තර අරමුදල මඟින් දැනට පවතින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කෘෂිකර්ම ගොවිපලවල් ආකර්ෂණීයව නවීකරණය කිරිම සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


    මෙහිදී ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීන්ට පවතින ගැටළු කිහිපයක්ද සාකච්ඡාවට බඳුන් වු අතර ඔවුන්ගේ තනතුරු නාමය වෙනස් කිරීමට ද පියවර ගන්නා ලෙස වෘත්තීය සමිතිය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.

     

    මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක ශිරානි වීරකෝන් මහත්මිය, ගොවිජන ප්‍රාදේශීය නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති එම්. කේ. බණ්ඩාර ලේකම් සරත් රත්නායක ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya