අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා රාජකාරී ආරම්භ කරයි

    ජූනි 27, 2019

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක මහතා පත්කර ඇත.

    2017 වසරේ සිට අතිරේක ආගමන විගමන පාලක ජනරාල් ලෙස කටයුතු කළ පසන් රත්නායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර ඔහු මිට ප්‍රථම මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් හා හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් යන තනතුරු දරා ඇත.

    හිටපු ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්වීමෙන් පසු මේ දක්වා පසන් රත්නායක මහතා පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීමේ කටයුතු සිදු කරන ලද අතර එම මහතා නව තනතුරේ වැඩ බාරගැනීම බ්‍රහස්පතින්දා (27) අද පෙරවරු 10.30 ට සුහුරුපාය ගොඩනැගිල්ලේ පස්වන මහලේ ආගමන හා විගමන පාලක ජනරාල් කාර්යාලයේදී සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya