අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපට අවශ්‍ය පාරිභෝගිකයා ආරක්ෂා කරන්නයි- අමාත්‍ය රවී කරුණානායක

    ජූනි 27, 2019

    අපට අවශ්‍ය පාරිභෝගිකයා ආරක්ෂා කරන්නයි.විදුලි බල මණ්ඩලය ප්‍රමිතියක් තිබෙන දක්ෂයින් ඉන්නවා.අහිංසක පාරිභෝගිකයන් තැලීම නවත්වන්නයි කටයුතු කරන්නේ යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    විදුලි මිලදී ගැනීම හා විදුලි මිල තීරණය කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමට තිබෙන බවත් එය  අමාත්‍යවරයා යටතට ගැනීම යන බව පවසමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර  නියෝග 27(2) යටතේ විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    මට පේනවා අමාත්‍යාංශයේ ප්‍රශන තුළින් ප්‍රායෝගික උත්තරයක් ලබාදෙන්න. මහජන උපයෝගිතා කොමිෂමක්  ගෙනවා. අංග සම්පූර්ණ නොවීම නිසා ප්‍රශ්නය මේ තරම් ඇවිත් තිබෙන්නේ. අපට අවශ්‍ය පාරිභෝගිකයා  ආරක්ෂා කරන්නයි.විදුලි බල මණ්ඩලය ප්‍රමිතියක් තිබෙන දක්ෂයින් ඉන්නවා. අහිංසක පාරිභෝගිකයන් තැලීම නවත්වන්නයි කටයුතු කරන්නේ.

    විදුලිය අලුතින් ගන්න බෑ.අපට තියෙන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න.මේ වෙනස තමයි ඉල්ලා  තිබෙන්නේ.මහජන උපයෝගිතා කොමිෂම වෙනත් පැත්තකට ගෙන යන්න හදනවා. සැබෑ මට්ටමකට  පාරිභෝගියා තැලෙනවා විතරයි. ඇති කරන්න ඕන වැඩකරන්න පුළුවන් ක්‍රමවේදයක්.මේක නිවැරැදි කරන්න  අවශ්‍යයි.මිල ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත් කළ යුතුය.සමස්ත විදුලි ගාස්තු නියම කරන්නේ රජය  මඟින්.අලුත් කොමිෂමක් පත් වෙනවා. අද ජනනය කරන මිලට වඩා අඩුවෙන් අපි විදුලිය අරන්  තියෙන්නේ.ටෙන්ඩරය අවසන් කරන්න විදුලි බල මණ්ඩලය කටයුතු කර නෑ.හදිසි විදුලි මිලදී ගැනීම් නිසා දැඩි  ආර්ථික බලපෑමක් ඇති විය. විදුලි බලශක්ති ක්ෂේත්‍රයට අමාත්‍ය මණ්ඩලයේ හා රජයේ සෘජු අධීක්ෂණයක් අවශ්‍ය  බවට අවධනය යොමු වී තිබෙනවා. වගකීමෙන් කියන්නේ, දැන්වත් එකතු වෙලා හදන්න ඕන යැයි ද අමාත්‍යවරයා  පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya