අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඇතුළත් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට

    ජූනි 27, 2019

    පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛනය සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඇතුළත්  අධ්‍යාපනය පිළිබඳ අනුකාරක සභාව විසින් සකස් කළ වාර්තාව අද (27) පාර්ලිමේන්තුවට අධ්‍යාපන හා මානව  සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ  මාරසිංහ මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    සෑම දරුවෙකුටම හොඳ පාසලක් මෙන් ම ළමුන් ඇතුළත් කිරීම සුමටව සිදු කිරීම මෙහි අරමුණයි. මෙහිදී  විදුහල්පතිවරු මුහුණ දෙන ගැටළු පිළිබඳව අවධානය යොමු කළා. ළඟම පාසල හොඳම පාසල වැඩි දියුණු කිරීම  අරමුණක්. මෙය විවාදයක් ගන්නවා නම් එය වටිනා කාලයක්. පාසල් 23ක විදුහල්පතිවරු අධ්‍යාපන අංශයේ නිලධාරීන් කැඳෙව්වා. යෝජනා 21ක් ප්‍රකාශ කළා.ඉන් යෝජනා  18කට එකඟ වී තිබෙනවා. යෝජනා ගැන සැලකිලිමත් වීම ගැන මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙනවා. පුළුල් ලෙස සාකච්ඡා කොළොත්  සමාජය දැනුවත් කළ හැකියි යැයි මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා පැවසීය.

     

    මෙහිදී අඳහස් දැක්වූ සභානායක අමාත්‍ය ලෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ,විවාදයක් ලබාදිය හැකි බවයි. එම විවාදය හෙට දිනයේ වුවද ගත හැකි බවද පවසා සිටියේ ය.

    සභාවේ අඳහස් දැක්වීමට එක් වූ මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ,විවාදයක් වගේම පුළුල් සාකච්ඡවක් අවශ්‍ය බව පෙන්වා දුන්නේ ය. කමිටුව සම්බන්ධයෙන් ප්‍රසංශාව පළ කරන බව කී මන්ත්‍රීවරයා නීති රීති මේ සම්බන්ධයෙන් හඳුන්වාදිය යුතු බව සඳහන් කළේ ය.

    මෙහිදී අඳහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ,ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත රටවල මෙම කමිටු සාර්ථක ලෙස සිදු වෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභාවල සුවිශාල සේවයක් සිදු කරනවා. අවශ්‍ය නිලධාරීන් ලබාගැනීමට මහලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.අද පක්ෂ නායක රැස්වීමේ දී විවාදය පිළිබඳ සාකච්ඡා කළ හැකියි යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya