අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙළ පොත් මුද්‍රණයේ දී තමාගේ රුව ඇතුළත් කිරීම හේතුවෙන් කිසිදු මූල්‍යයමය පාඩුවක් රජයට සිදු වී නෑ- අධ්‍යාපන අමාත්‍ය

    ජූනි 27, 2019

    පෙළ පොත් මුද්‍රණය කිරීමේදී අධ්‍යපන අමාත්‍යවරයා ලෙස තමාගේ රුව ඇතුළත් කිරීම හේතුවෙන් කිසිදු මූල්‍යයමය පාඩුවක් රජයට සිදු වී නැතැයි ද මීට පෙර වසර වලදී අධ්‍යාපන ඇමතිවරුන්ද තාමන්ගේ රුව පෙළපොත් වලට ඇතුළත් කර තිබූ නිසා තමාද එම ක්‍රියාව අනුගමනය කර බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ(26) පැවසීය.

    පෙළ පොත් මුද්‍රණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ රුව ඇතුළත් කිරීම නිසා රජයට විශාල පාඩුවක් සිදු වී ඇතැයි පවසමින් විවිධ මාධ්‍ය වල විශාල ප්‍රචාරයක් ගෙන යමින් තමාගේ ප්‍රතිරූපයට හානි සිදු කර ඇතැයිද පැවසූ ඒ මහතා ඒ වෙනුවෙන් ඉදිරියේදී එම මාධ්‍ය ආයතන වලට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා තමා නඩු පැවරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    පෙළ පොත් සම්පාදනය කිරීමේදී විධිමත් ක්‍රියාවලියක් යටතේ රජයට වාසි වන පරිදි අවම මිල ගණන් ඔස්සේ එම කාර්යය සිදු කරන බව මේ අවස්ථාවට එක් වූ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන නියෝජ්‍ය කොමසාරිස් පද්මිණී නාලිකා මහත්මිය පැවසුවාය.

    මෙම මාධ්‍ය හමුවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්. එන්. රණසිංහ,රාජ්‍ය ලේකම් තිස්ස හේවා විතාන මහතා සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහත්වරු එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya