මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය මාර්ගෝපදේශ හා රැකියාගත කිරීමේ වැඩසටහනක් 29 වැනිදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

    ජූනි 27, 2019

    ශ‍්‍රම වෙළෙඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් ජාතික සංවර්ධනයට දායකකිරීමේ අරමුණින් සංවිධානය කරන රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ හා වෘත්තීය මාර්ගෝපදේශ ලබාදීමේ වැඩසටහනක් ජුනි 29 දින පෙ. ව. 8.30 සිට ප. ව. 2.00 දක්වා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්වේ.

    රැකියා වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතී. එබැවින් රැකියා සපයන පෞද්ගලික ආයතන සහ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් එක් ස්ථානයකදී මුණගැස්වීම මඟින් දේශීය රැකියා අවස්ථාවන් සඳහා යොමුවීමට ඔවුන්ට අවස්ථාව සලසා දීම මෙහිදී සිදු කෙරේ.

    වෘත්තීය පුහුණු ආයතන ද මේ අවස්ථාවට සම්බන්ධ වන බැවින් වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමුවීමට අපේෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ද අවස්ථාව හිමි වේ. මෙහි දී වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් සැපයීම ඇතුළු සේවාවන් රැසක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මේ අවස්ථාවට රාජ්‍ය අංශයේ ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන සහභාගිවීමට නියමිත ය. මාතර දිස්ත‍්‍රික්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් මේ සඳහා සහභාගි වෙතැයි අපේක්‍ෂා කෙරේ.

    මෙදින රැකියා අවස්ථා සපයන ආයතනවල පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිට රැකියාගත වීමට, වැඩ ලෝකය පිළිබඳව අවබෝධයක් ලබාගෙන වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධ වී වෘත්තීය පාඨමාලාවක් ගෝරා ගැනීමට, වෘත්තීය මාර්ගෝපදේශනය හා උපදේශනය ලබා ගැනීමට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට අවස්ථාව සැලසේ.

    කම්කරු අමාත්‍යංශයේ මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුව සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම රැකියාපොළ සංවිධානය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya