අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලමැටිය ධීවර වරායේ ගින්න පිළිබද පුළුල් විමර්ශනයක්-පීඩාවට ධීවරයන්ට කඩිනම් සහන

    ජූනි 27, 2019

    කලමැටිය ධීවර වරායේ ඇතිවූ ගින්න පිළිබදව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ නියමය පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

    මේ පිළිබඳ සොයාබැලීම සදහා විශේෂ කණ්ඩායමක් කලමැටිය වෙත යැවීමටද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පියවර ගෙන ඇත.

    ගින්න ඇති වූ ආකාරය,සිදුව ඇති හානි, පිඩාවට පත් ධීවර ජනතාව සහ ලබාදිය යුතු කඩිනම් සහන පිළිබඳ එම විමර්ශකයින් වාර්තාවක් ලබා දීමට නියමිතය .

    මේ පිළිබද අදහස් දැක වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා:

    කලමැටිය ධීවර වරායේ ඇති වූ ගින්න දැනගත් වහාම මම එම ගින්න මැඩපැවැත්වීම සදහා අදාළ අංශ දැනුවක් කර නිලධාරීන් කඩිනමින් යොමුකිරීමට කටයුතු කළා. ඊට අමතරව මේ පිළිබද සොයාබැලීමට විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මම වහාම කලමැටියට යොමුකලා. ගින්න ඇති වූ ආකාරය පිලිබදව වගේම ගින්නෙන් සිදුව ඇති හානිය ඔවුන් සොයාබලමින් සිටිනවා. දැනට ලැබී ඇති ඇති තොරතුරු අනුව බෝට්ටු 27 ක් ධීවර ආම්පන්න සමග සම්පුර්ණයෙන් විනාශ වෙලා.සිදුව ඇති හානිය තවමත් ගණන් බලා නැහැ. නමුත් සිදුව ඇති විනාශය ඉතා විශාලයි. මම පොලිසියට නියෝග කළා වහාම මේ පිළිබද විධිමත් පරීක්‍ෂණයක් කර ගින්න ඇති වූ අකාරය පිළිබඳව සොයාබලන ලෙස. අපි ඉදිරි මාසයේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබු කලමැටිය ධීවර වරාය තුළ තමයි මේ ගිනිගැනීම සිදුවෙලා තියෙන්නේ. විනාශ වූ බෝට්ටු සදහා මෙන්ම පිඩාවට පත්ව සිටින ධීවර ජනතාව සදහා කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

    අදාළ වාර්තා ලැබුණු වහාම අමාත්‍ය මණ්ඩලයට මේ පිළිබද දැනුම් දීලා අදාළ සහන ලබාදීමට කටයුතු කරනවා. මේ පිලිබදව රජය දැනුවත් කර රජයක් ලෙස වගේම අමාත්‍යංශය ලෙස දිය හැකි සියළු සහන ලබා දීමටත්. පිඩාවට පත්ව සිටින ධීවර ජනතාවට නැවත සිය කර්මාන්තයේ නිරතවීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත් කඩිනමින් කටයුතු කරන බව කියන්න ඕනේ, ඒ වගේම මම කලමැටිය වරායට ඉතාම ඉක්මනින් ගිහින් මේ තත්වය සොයාබැලීමට වගේම ලබා දිය යුතු සහන පිළිබඳවත් කටයුතු කරනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya