අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ රන් පදක්කම දිනූ ඉෂානි අනුෂ්කාට නව නිවසක්

    ජූනි 27, 2019

    2011 වසරේ දකුණු ආසියාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ රන් පදක්කම සහ 2011 වසරේ දකුණු ආසියාතික කනිෂ්ඨ සවි එසවීමේ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ රන් පදක්කම දිනූ කුලී නිවසක ජීවත් වූ ඉෂානි අනුෂ්කා රණවිරු නිළධාරීනීය වෙනුවෙන් රණවිරුවන් ගැන උජාරුවට කතා කරන පසුගිය රජයේ පාලකයින් රණවිරු සුබසාධනය වෙනුවෙන් සිදු කළේ කුමක්ද කියා තමන් ප්‍රශ්න කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

    රටට සම්පතක් වූ ඉෂානි අනුෂ්කා වැනි හමුදා නිළධාරීන් ස්ථීර නිවසක් නොමැතිව කුලී නිවසක ජීවත් වීම පිළිබඳව තමන් කනගාටු වන බවත්, පසුගිය රජය සමයේ මෙම ක්‍රීඩිකාව රටට ජයග්‍රහණ රැසක් ලබා දී තිබුණත් එම කාලයේදී ඇයට නිසි ඇගයීමක් නොලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    ඉදිරියේදී ලෝක ශූරතාව ඇතුළු ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වීමට බලාපොරොත්තු වන ඇයට එම තරඟවලින් ජයග්‍රහණ ලබා රටට කීර්තියක් ගෙන ඒමට ශක්තිය, ධෛර්යය හා මානසික සුවය ලබා දීම මෙම නිවස නොමිලේ ලබාදීමේ මූලික අරමුණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගත් යුධ හමුදාවේ දැනට සේවයේ නියුතු ඉෂානි අනුෂ්කා කළුතන්ත්‍රී ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන්  (26) දින නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට සහභාගි වෙමිනි.


    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් ඇය වෙත මෙම නිවස ලබා දුන් අතර සියලු පහසුකම් සහිත මෙම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමණ වේ. වත්මන් රජය යටතේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නොමිලේ ලබා දුන් 42 වන නිවසද මෙය වේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම ක්‍රීඩිකාව 2016 වසරේ දකුණු ආසියාතික බර ඉසිලීමේ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ රිදී පදක්කම ඇතුළු බර ඉසිලීමේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya