අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය කිරීමට පියවර

    ජූනි 27, 2019

    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ජුනි 25 වන දින මාතර, පොල්හේන වෙරළ තීරයේ කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

    ජාතික ඔලිම්පික් දින සැමරුම 2019 ජුනි මස 25 වන දිනට යෙදී තිබූ අතර, එයට සමගාමීව පරිසර සුරක්ෂිතභාවය සහ තිරසාරභාවය පිළිබඳ ගෝලීය හවුල්කරුවකු වන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව මෙම කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

    වර්තමානය වන විට විවිධ හේතූන් නිසා විනාශ වෙමින් පවතින කොරල්පර ආරක්ෂා කර ගැනීම මෙහි මූලික අරමුණ වන අතර, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ වසර තුනක් දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතය. තවද ජාතික ඔලිම්පික් කමිටුව විසින් කොරල් සංරක්ෂණය හා සමුද්‍ර ජීවය පිළිබඳ තොරතුරු කේන්ද්‍රයක් ද ආරම්භ කර ඇත.

    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය සහභාගී වූ අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු ප්‍රදේශයේ ප්‍රභුවරුන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

    මිට අමතරව නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ දිවයිනේ වෙරළ ප්‍රදේශ රැසක කොරල් නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, මෙය නාවික හමුදාවේ නීල හරිත පාරිසරික සංකල්පය යටතේ සිදුවන පරිසර හිතකාමි ව්‍යාපෘතියකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya