මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාව පළුඳු කරන, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පෙළ පොත්වල ඇතුළත් කර ඇත්දැයි සොයා බැලීමට විශේෂ කමිටුවක්

    ජූනි 26, 2019

    සහරාන්ලා බිහිකරන්නට මුල් ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 1980 සිට ලබාදෙන පාසල් පෙළ පොත් බවට පසුගිය දා (20) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී සාක්ෂි දෙමින් රිෂ්විත් නිෂාමන් මහතා විසින් කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ අවධානය යොමු කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඉස්ලාම් දහම පිළිබඳ කරුණු ඇතුළත් ප්‍රධාන ග්‍රන්ථය ලෙස සැලකෙන කුරානයෙහි පවා සඳහන් නොවන ආගමික නීති රැසක්, විශේෂයෙන් ම මරණ දඞුවම ලබාදීම සම්බන්ධ ව 1980 සිට 2015 දක්වා පෙළ පොත්වල අන්තර්ගත කර ඇති බවත් 2015 සිට සැර බාල කරමින් එම ආගමික කරුණු ඉදිරිපත් කර ඇති බවත් රිෂ්විත් මහතා එහි දී සඳහන් කර ඇත.

    1981 වසරේ මුද්‍රණය කරන ලද 9-10 ශ්‍රේණිවලට අදාළ ඉස්ලාම් පෙළ පොතෙහි අපරාධය හා දඞුවම යන මාතෘකාව යටතේ අපරාධ 6ක් සඳහා දෙන දඞුවම සඳහන් කර ඇති අතර, දඞුවම් ලබාදීම පිළිබඳ පැහැදිලි කිරීමක් ද දක්වා ඇති අතර, වැරදි ක්‍රියා සිදුවීම වැළැක්වීමට දඞුවම් අවශ්‍ය බව ද, දඞුවම් ක්‍රියාත්මක කිරීමේ කොන්දේසි ද දක්වා තිබේ.

    එහෙත් 2007 වසරේ සිදුකළ විෂය මාලා සංශෝධනවලට අදාළ ව සකස් කරන ලද ඉස්ලාම් ධර්මය පෙළ පොතෙහි 103 පිටුවේ අපරාධ 6ක් සඳහා ලබාදෙන දඞුවම් ගැන සඳහන් කර ඇති අතර, එමගින් දඞුවම් ක්‍රියාත්මක කිරීම මගින් අපරාධ සහ හිංසාව අවම වූ උතුම් සමාජයක් බිහි කළ හැකි බව දැක් වේ.

     එසේවුවත්, 2015 දී සිදුකළ විෂය මාලා සංශෝධන අනුව, 11 ශ්‍රේණිය ඉස්ලාම් නව පෙළපොතෙහි 14 පිටුවෙහි මුස්ලිම්වරයෙකු ඉස්ලාමය හැර ඉවත් ව යාම රිද්දිත් ලෙස ද එසේ ආගම වෙනස් කරගත් තැනැත්තා මුර්තද් ලෙස ද හඳුන්වන බව සඳහන් කර ඇති අතර, ආගම වෙනස් කිරීම (රිද්දිත්) සඳහා දෙන දඞුවම මරණ දඞුවම ලෙස එහි සඳහන් නොවේ. ඒ වෙනුවට දඞුවම අවම කිරීමට ආගම තුළින් හික්මවීමක් සහ බැඳීමක් ඇතිකරන ක්‍රියාමාර්ග කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

     මේ නිසා වර්තමානයේ පාසල්වෙත නිකුත් කර ඇති ඉස්ලාම් ධර්මය පෙළපොත්වල සමාජ මතභේදයට තුඩුදෙන අන්දමේ කරුණු අන්තර්ගත නොවන බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා සඳහන් කරයි.

    එමෙන් ම දැනට පවතින සියලු ම පෙළපොත් සියුම් ව අධ්‍යයනය කර, කිසියම් ආකාරයකින් හෝ සංහිඳියාව පලුදු කරන, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු ඇත්නම් ඒවා ඉවත්කිරීමට මීළඟ පෙළ පොත් සංශෝධනයේ දී පියවර ගන්නා බවත්, ඒ වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya