අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භික්ෂූන් වහන්සේ සුරැකීමට රක්ෂණ යෝජනා ක්‍රමයක්

    ජූනි 20, 2019

    බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහඟු සේවයක් කරන ගරුතර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නංවා ඇති බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    ''ශාසන සුරක්ෂා '' නමින් හඳුන්වන මෙම වැඩසටහන එළඹෙන 26වනදා අරලියගහ මන්දිරයේදී ආරම්භ කිරීමට නියමිත අතර සියළුම දිස්ත්‍රික් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා 2000ක් උදෙසා සුරැකුම් සහතික පත් ප්‍රදානය කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කීය.

    විහාරස්ථාන හා අනෙකුත් ආරණ්‍ය සේනාසන වල සිටින 40,500කට ආසන්න භික්ෂූන් වහන්සේලා අතුරින් වසරකට 1200ක් පමණ භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් සිවුරු අතරහැර යන බවත් පවතින අභියෝග හමුවේ බුද්ධ පුත්‍රයින් සහ ශාසනය ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට රජය මුහුණ දී ඇති බව පැවසූ අමාත්‍යවරයා ගෙවල් වල ඇති වන ආර්ථික අභියෝග හමුවේ බොහෝ භික්ෂූන් වහන්සේලා උපැවැදි වන බවද පැවසීය.

     මීට පිළියමක් වශයෙන් රුපියල් මිලියන 90ක අරමුදලක් යොදා ආරම්භ කෙරෙන ශාසන සුරක්ෂා වැඩසටහන යටතේ බුදු පුත් සුරක්ෂා යනුවෙන් භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එක් වැඩපිළිවෙලක්ද, බුදුපුත් මව්පිය සුරක්ෂා යනුවෙන් සසුනට දරුවන් පූජා කළ දෙමාපියන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් සහ බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල යනුවෙන් වැඩසටහන් 03ක් ක්‍රියාත්මක කෙරේ. ඉදිරියේදී ශාසන ලැදි ධානපතීන්ගේ අරමුදල් සහ ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන වල අධාර මුදල් ඇතිව මෙම අරමුදල වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී පෞද්ගලික රෝහල් ගතවීමකදී රු 350,000ක්,පෞද්ගලික ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රු350,000ක්,රජයේ රෝහලක රෝහල් ගත වීමකදී රු30,000ක්, හදවත් සැත්කම් සඳහා රු 1,000,000ක්, පිළිකා රෝග සඳහා රු500,000.00 වකුගඩු රෝග සඳහා රු 1,200,000, මොළයේ ශල්‍යකර්ම සඳහා 1,200,000, දණහිස් බද්ධ කිරිම සඳහා රු 250,000, උකුල් ඇට බද්ධ කිරීම සඳහා 250,000ක් ආදි වශයෙන් රක්ෂණ හිමිකම් ලබා දෙන බවද බුද්ධ ශාසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya