අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ’පුර සරසවි නවෝත්පාදන සම්මාන රාත්‍රිය 21දා

    ජූනි 20, 2019

    ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නව නිපැයුම් හා නවෝත්පාදන 100 ක් පමණ නිපදවා ඇති අතර ඒ සදහා විශ්ව විද්‍යාලයේ අරමුදල් වලින් රුපියල් මිලියන 70 ක් වැය කොට ඇතැයි එහි උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

    කම්හල් වලින් පිටකරන රසායන මිශ්‍ර අපජලය පිරිපහදු කිරීම සදහා යන්ත්‍රයක් නිපදවා තිබේ. ඒ හැර පළතුරුවල කාබයිට් වැනි ශරීරයට අහිතකර දැ තිබේදැයි පරීක්ෂා කිරීම සදහා ජංගම දුරකථන යෙදවුමක් (APP)ද සිසුන් විසින් නිපදවා ඇති බවත් මෙම නවනිපැයුම් වල වටිනා කම රුපියල් බිලියන ගණනක් වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී උපකුලපකි වරයා කීය.

    ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාපයේ නව නිපැයුම් හා නවෝත්පාදන එළිදැක්විම වෙනු‍වෙන් පැවති “ඉනෝවේට්-2019” (Innovate srilanka-2019) ප්‍රදර්ශනයේදී තෝරාගත් ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සම්මාන පිරිනැමීමට ජුනි 21 වැනිදින බත්තරමුල්ල වොටර්ස් එජ් පරිශ්‍රයේ පැවැත්වෙන සම්මාන රාත්‍රිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරිම සදහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත් විණි.

    මෙහිදී ආහාර හා කෘෂිකාර්මික , බලශක්තිය හා පරිසරය, වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍ය සේවා ,රොබෝ තාක්ෂණය, නගර නිර්මාණය, තිරසාර සංවර්ධනය, මාධ්‍ය ,ජනසන්නිවේදනය , නව නිර්මාන හා සමාජීය සංස්තෘතික හා භාෂාව යන අංශ වෙනුවෙන් සම්මාන හා සහතික පත්‍ර පිරිනැමෙන බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, බ්‍රිතාන්‍යය හා ස්වීඩනය ආදී රටවල් රැසක් විශ්ව විද්‍යාල සමග සම්බන්ධවී පර්යේෂණ කොට නිපදවා ඇකි නව නිපැයුම් සදහා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර ලබා ගැනිමට කටයුතු කරගෙන යන බවත් , සදහන්කළ උපකුලපතිවරය විශ්වවිද්‍යාලයේ සිසුන් 350ක් හා ආචාර්යවරුන් 250 කගේ සහභාගිත්වයෙන් මෙම නව නිපැයුම් හා නවෝත්පාදන ක්‍රියාවලිය සිදුකරගෙන යන බවද කීය.

    මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සහ මහාචාර්ය නිල්මිණි ලියනගේ මහත්මියද මෙහිදි අදහස් දැක්වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya