මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කරනවා’’- අධ්‍යාපන අමාත්‍ය

    ජූනි 20, 2019

    දියුණු අධ්‍යාපනයක් පවතින රටවල කඩඉම් විභාග පැවැත්වීමට ප්‍රමුඛතාව ලබා නොදෙන බවත්, ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ද පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා සමත් අසමත් භාවය මිස ලංකාවෙන් ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි

     

     අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 64000ක ආයෝජනයෙන් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ වර්තමානයේ ක්‍රියාවට නැංවෙන විශාලත ම ව්‍යාපෘතියක් වන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ රුපියල් මිලියන 34ක වියදමින් කුරුණෑගල කුඩාකත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සහ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට පසුගිය දා එක් වෙමිනි.

    බොහෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිදහසේ සැහැල්ලුවෙන් සිදුකිරීමට ඇති අවකාශ අහිමි වී තිබෙන්නේ, පහේ ශිෂ්‍යත්වය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග තවමත් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ කඩඉම් විභාග ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් බවත්, විභාගවලින් සිසුන් ශ්‍රේණිගත කිරීම අනවශ්‍ය කටයුත්තක් බවත්, මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් තම උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, ඉදිරියේ දී එම කමිටු නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya