අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට විටින් විට හමන තද සුළං සහ වැසි

    ජූනි 20, 2019

    බස්නාහිර,සබරගමුව,දකුණු,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තද සුළං ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (20) නිවේදනය කරයි.

    විශේෂයේන් නැගෙනහිර සහ උතරුමැද පළාත්වල පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතී. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya