අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20 වසරක දේශපාලන ගමන් මඟ වෙනුවෙන් ඇමති සාගලගෙන් ආගමික වැඩසටහන් රැසක්

    ජූනි 19, 2019

    අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ දේශපාලන දිවියට වසර 20 ක් සපිරීම නිමිත්තෙන් පසුගියදා (15) දෙනියාය මොරවක ප්‍රදේශයේ දී ගරුතර මහා සංඝරත්නය සඳහා වෛද්‍ය සායනයක් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත්විය.

    ඒ සඳහා දෙනියාය, මොරවක, පිටබැද්දර, ඌරුබොක්ක යනාදි ප්‍රදේශවලින් මහා සංඝරත්නය 300 කට අධික ප්‍ර‍මාණයක් වැඩම කර සිටි අතර ගරුතර සංඝරත්නය වෙනුවෙන් උදෑසන හීල් දානය හා දහවල් දානය පූජා කිරීම ද අමාත්‍යවරයා විසින් මෙහිදී සිදු කරනු ලැබීය.

    අමාත්‍යවරයාගේ මොරවක කාර්යාලයේ දී එම දිනය පුරා පැවති මෙම වෛද්‍ය සායනයේ දී ඇස් පරීක්ෂාව, දත් පරීක්ෂාව, ‍දියවැඩියාව ඇතුළු අනෙකුත් සියලුම බෝ නොවන රෝග සඳහා පරීක්ෂණ කටයුතු සිදු කෙරුණු අතර එම රෝග නිවාරණය සඳහා අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාදීම, ඖෂධ ලබාදීම මෙන්ම ඇස් කණ්ණාඩි බෙදා දීම හා රෝද පුටු පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරුණි.

    ඊට අමතරව පොසොන් පොහොය හා සිය දේශපාලන දිවියට වසර 20 ක් සපිරීම නිමිත්තෙන් සාගල රත්නායක අමාත්‍යවරයාගේ ප්‍ර‍ධානත්වයෙන් සංවිධානය කෙරුණු මහා බත් දන්සැල මොරවක, නයාමුල්ල ඉසුරු උයනේ දී (17) දින දහවල් පැවැත්විය.
    එම අවස්ථාවට දෙනියාය, මොරවක, පිටබැද්දර, ඌරුබොක්ක යනාදී ප්‍රදේශ වල 5000 කට අධික ජනකායක් සහභාගී වූ අතර මෙම කටයුතු සංවිධානයේ දී විශේෂයෙන් ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමය, ඉසුරු උයන තරුණ කැළ ඇතුළු ප්‍රදේශවාසීන්, මොරවක පොලිස් ස්ථානයේ නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහයෝගය දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya