මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු 12ක් වූ දරුවන්ගෙන් 16%ක් දත් හා හනු ආශ්‍රිත විකෘතිභාවයෙන් පීඩා විදියි-විකලාංග රෝග ප්‍රතිකාර සඳහා විශේෂිත වයස් සීමාවක් නොමැත

    ජූනි 18, 2019

    2015 සහ 2016 යන වසර වල ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තා අනුව වයස අවුරුදු 12ක් වූ දරුවන්ගෙන් 16%ක් අනිවාර්ය ප්‍රතිකාර අවශ්‍ය වන දත් හා හනු ආශ්‍රිත විකෘතිභාවයන්ගෙන් පීඩා විඳින බව ජාතික විකලාංග මුඛ පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

    ඔවුන් මේ බව පැවසුවේ 2019 මැයි මස 15 වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර විකලාංග මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් අද(18) උදෑසන කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැත් වුණු මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    විකලාංග මුඛ රෝග සදහා විශේෂ සුදුසුකම් ලත් විශේෂඥ විකලාංග දන්ත වෛද්‍යවරුන්ගෙන්ම මේ සදහා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන අතර ඒ සදහා දිවයින පුරා සියළුම ශික්ෂණ රෝහල්,පළාත් මහ රෝහල් හා සියළුම දිස්ත්‍රික් මහ රෝහල වල මෙම සේවාව නොමිලයේ ලබා දෙයි.මේ පිළිබද සමාජ දැනුම්වත් භාවය අඩු බවත් දරුවකු වයස අවුරුදු 8 සම්පූර්ණ වන විට මුඛ රෝගයක් නැතත් එක් වතාවක් හෝ විකලාංග දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අත්‍යාවශ්‍ය බව මේ අවස්ථාවට එක් වූ විශේෂඥ විකලාංග දන්ත වෛද්‍ය ශිවානි විජේරත්න මහත්මිය පැවසුවාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ විකලාංග දන්ත වෛද්‍ය ඉන්දික ඔබේසිරි මහතා පැවසුවේ මේ වන විට දියුණු රට වල පවතින නවීණ දන්ත වෛද්‍ය උපකරණ හා එම තාක්ෂණය රජයේ රෝහල් වලදී නොමිලයේම ලබා ගත හැකි බවයි.එමෙන්ම කාන්තාවන් සඳහා තමන්ටම සවි කර ගත හැකි පිටතට නොපෙනෙන නවීණ උපකරණ පවා රෝහල් වල ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    විකලාංග දන්ත ප්‍රතිකාර මගින් දත්වල අක්‍රමවත් පිහිටීම හා හනුවල විෂමතාවන්, මුහුණට ගැලපෙන අයුරින්, තිරසාරව සැකසීම මඟින් ආකර්ෂණීය සිනහවක් සහ මනාව අහාර සැපීමට හැකියාවක් ලබා දෙයි.මුහුන හා හණු ආශ්‍රිතව උපතින් ඇතිවන විෂමතාවන් වලට අදාළ විකලාංග ප්‍රතිකාර ලබා දීමද විශේෂඥ දන්ත වෛද්‍යවරු සිදු කරයි.

    එමෙන්ම මෙම විකලාංග රෝග ප්‍රතිකාර සඳහා විශේෂිත වයස් සීමාවක් නොමැති අතර විදුරුමස් සහ අස්ථි නිරෝගී නම් එම ප්‍රතිකාර වලට යොමු විය හැකි බව වැඩිදුරටත් සඳහන් කළේය. කල් ඇතිව මෙම ප්‍රතිකාර වලට යොමු වීම තුළින් සංකීර්ණ ප්‍රතිකාර වල අවශ්‍යතාව අවම කර ගත හැකිය.

    මේ අවස්ථාවට විශේෂඥ විකලාංග දන්ත වෛද්‍ය කේ.පරන්තමාලිංගම් මහතා, විශේෂඥ විකලාංග දන්ත වෛද්‍ය ඉන්දිය උබයසිරි මහතා, සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya