අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ නවීන මූල්‍ය වෙළඳපොලේ යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සහ ඒ සඳහා වන නිත්‍යාණුකූල හා නියාමන රාමුවක්

    ජූනි 18, 2019

    ශ්‍රී ලංකාවේ නවීන මූල්‍ය වෙළඳපොලේ යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සහ ඒ සඳහා වන නිත්‍යාණුකූල හා නියාමන රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකා මහබැංකුව නිරත වෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය  ඉරාන් වික්‍රමරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂ කරන පැනයකට පිළිතුරු දෙමින්  පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ පැනයකට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා;

    ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ මුදල් අමාත්‍යාංශයේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට සහය දැක්වීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට සහ අමාත්‍යා මණ්ඩලය විසින් පත් කළ උපදේශන ප්‍රසම්පාදන කමිටුව
    පිහිටුවීම සිදු කරන ලදී. මේ වෙනුවෙන් අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතියද සහිතව උපදේශන සේවා ලබාගැනීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකා  මහබැංකුව නිරතවෙමින් සිටියි.

    අප ගත්ත ණය සියයට සියයක්ම ගිහින් තිබෙන්නේ එදා ගත්ත ණය ප්‍රාග්ධනය හා පොළිය ගෙවන්නයි.  ගෙවන්නයි. පොලී අනුපාතය පහළ ගියා කියලා කිව්වේ නෑ.අපේ රජය තීරණය කළා,රුපියලේ අගය නිදහස්  වෙළඳපොලේ අගය මත තීරණය කරන්න. ඉතිහාසයේ පළමු වරට ප්‍රාථමික ඉතිරියක් ඇති වුණේ 2017 දීයි.  ප්‍රාථමික ඉතිරියක් දෙවැනිවරටත් ඇති කර තිබෙනවා. අපි විරුද්ධ නෑ වරදකරුවන් අධිකරණයට ගෙනැල්ලා  අධිකරණයෙන් වැරදි කරුවන් කරනව නම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බැදුම්කර සිද්ධිය පිළිබඳ මතු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya