අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව අද රැස්වෙයි

    ජූනි 18, 2019

    පසුගිය අප්‍රේල් 21 පාස්කු දින රටේ විවිධ ස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතය.

    මීට පෙර අවස්ථා හතරක දී විශේෂ කාරක සභාව රැස්විය. අද කාරක සභාව රැස්වන්නේ පස්වැනි දිනටයි. ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වීමට නියමිතය.

     රාජ්‍ය පරිපාලන හා ආපදාකළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සහ නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා මීට පෙර පැවැති කාරක සභාවට සාක්ෂි දීමට කැඳවා තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya