අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා ක්ෂේත්‍රය විධිමත් කිරීමට කාර්යාංශයේ අවධානය

    ජූනි 18, 2019

    විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමුකිරීමේදී නීති රෙගුලාසි හා වෘත්තිමය ආචාර ධර්මයන් පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමට ජාත්‍යන්තර බදවාගැනීම් සදහා රෙගුලාසි පිළිබද ගෝලිය සම්මන්ත්‍රණයේදී (Global Conference on the Regulations of International Recruitment)විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමුකරන හා ශ්‍රමිකයින් ලබාගන්නා රටවල අවධානය යොමු කර තිබිණ.

    සංක්‍රමණිකයින් සදහා වන සංවිධානය (IOM)  විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය 2019 ජූනි මස 06 හා 07 යන දෙදින කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ පැවැත්විණි.

    මෙම සම්මන්ත්‍රණය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතිඥ කීර්ති මුතුකුමාරණ මහතා සහභාගි වූ අතර තවත් රටවල් 30ට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයින් 100 ට ආසන්න පිරිසක් සහභාගි වී ඇත.

    නීති රෙගුලාසි හා වෘත්තිමය ආචාර ධර්මයන් ඇතුළුව ප්‍රධාන කරුණු 3ක් පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්විය. ඒ අතරට අතරමැදි තැරුව්කරුවන් (Sub Agent) නීත්‍යානුකූල ලෙස හදුනාගැනීම හා ලියාපදිංචිකිරීම, ශ්‍රමිකයින් රැකියා සදහා බදවාගැනීමේදී ශ්‍රමිකයින්ගෙන් ගාස්තු අය නොකර ඔවුන්ගේ හාම්පුතුන්ගෙන් බදවාගැනීමේ ගාස්තු අයකිරීම යන කරුණු පිළිබදව සාකච්ඡා කරන ලදී. විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා රජය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන ඇති පියවරයන්ද එම සමුළුවේදී ප්‍රශංසාවට ලක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya