මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සිව් මහල් ගොඩනැගිල්ලක්

    ජූනි 18, 2019

    හතරකින් යුතු නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා‍ මුල්ගල් තැබීම ඊයේ (17) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ආරාධිත අමුත්තන් විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමද එම අවස්ථාවේදී සිදුවිය.

    මෙම ගොඩනැගිලි සංකීර්ණය සදහා වියදම් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන දෙසීයකි(රු.මි.ලි.200) ප්‍රතිපාදන ලබාදීම අභ්‍යන්තර කටයුතු,පලාත් පාලන හා පළාත් සභා,ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරයි.

    නවීන පහසුකම් සහිතව ඉදිවන මෙම ගොඩනැගිල්ල පැරණි කාර්යාල පැවැති භූමියේම ඉදිකෙරේ.මෙහි ඉදිකිරීම් කටයුතු අදියර දෙකක් යටතේ සිදු කරන අතර පලමු අදියරේදී මිලියන 100ක් වැය කර තට්ටු දෙකක් ඉදිකරනු ලබයි.
    දෙන අදියරේදී අනෙක් කොටස ඉදි කරන අතර ඉදි කිරීම් කටයුතු මධ්‍යම ඉංජිනේරු පුද්ගලික සමාගම විසින් සිදුකරයි. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බන්ධනාගාරයට අයත් ඒසමීපයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යයි.

    මෙහි මුල්ගල් තැබීමෙන් පසුව උත්සව සභාවක්ද පැවැත්විණි.මෙම අවස්ථාවන් සදහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා,හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා නියෝජනය කරමින් එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් තිලක රත්ත මහතාත්, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ මන්ත්‍රීවරු,හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් සී.ඒ.සුනෙත් ලෝචන,තංගල්ල ප්‍රාදේශීය ලේකම් එන්.ඩබ්ලිව්.යාපා, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් චින්තා පී අබේනායක ,බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාන්චනා කේ තල්පාවිල,සූරියවැව ප්‍රාදේශීය ලේකම් සුභාෂ් නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya