අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පිළිබදව දැනුවත් කිරීමක්

    ජූනි 17, 2019

    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැන්වත් කිරීමේ වැඩසටහනක් මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහාවූ අධිකාරිය හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධාකය කෙරිණි.

    මේ සදහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු,සහකාර ප්‍රාදේශීය ලේකම්වරු,ග්‍රාමනිලධාරීන්,සමෘද්ධිසංවර්ධනනිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන්,පරිවාස,ළමාකටයුතු,වනිතා,වැඩිහිටි,උපදේශන,වැනි ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වල නිරත නිලධාරීන් රැසක් සහභාගිවිය.2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත හා ඒ යටතේ පිහිටුවා ඇති අධිකාරිය,ආරක්ෂක කොට්ඨාශයේ කාර්යභාරය,වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ මනෝවිද්‍යාත්මක පැතිකඩ යන කරුණු ඔස්සේ දැනුවත් කිරීම් සිදුකෙරිණි.මෙම අධිකාරිය පිහිටවූ පසුව සිදුකළ රාජ්‍ය නිලධාරීන් දැන්වත් කිරීමේ පළමු වැඩසටහනය.

    අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් හා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහාවූ අධිකාරියේ සභාපති ජනාධිපති නීතිඥ සුහද කේ ගම්ලත්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහාවූ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිලිබද ජේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී එච්.ඒ.ගුණරත්න,උපදේශක අධිකරණ වෛද්‍ය මනෝචිකිත්සක වෛද්‍ය නීල් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් දේශන හා පැහැදිළි කිරිම් සිදුකෙරිණි.

    DMU/Hambanthota

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya