මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සැමරීමට මිහින්තලය සූදානම්- මිහින්තලයට පැමිණෙන්න

    ජූනි 16, 2019

    අනුරාධපුර , මිහින්තලේ හා තන්තිරිමල පූජා භූමි කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන පොසොන් උත්සවය මෙවර ද  කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි පොසොන් කමිටුවේ සභාපති  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා පවසයි.

    ආරක්ෂක හේතු මත වාර්ෂික මිහිදු පෙරහැර රාත්‍රී කාලයේ නොපවත්වා දිවා කාලයේ දී පැවැත්වීමට තීරණය කර  තිබුණි. නමුත් ඒ සඳහා අනුග්‍රාහකයින් ඉදිරිපත් නොවීම නිසා පෙරහැර පැවැත්වීම සම්බන්ධ ගැටලුවක් මතු විය.  එහෙත් මෙම තත්ත්වය දැනගත් වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා විසින් මිහිදු පෙරහැර පැවැත්වීමට  රුපියල් මිලියන තුනක මුදලක් ලබා දී තිබේ.

    එහෙත් සංවිධාන කටයුතු සිදුකර ගැනීමට තරම් කාලයක් නොමැති වීමත්, ශිල්පීන් ඈත ප්‍රදේශවල සිට කඩිනමින්  ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයත් යනාදී කරුණු මත මෙවර මිහිදු පෙරහැර නොපැවැත්වේ.

    පෙරහැර හැරෙන්නට අනෙකුත් දාන, ශීල, භාවනා වැඩසටහන් සියල්ල ඒ අකාරයෙන් ම සංවිධානය වී පවතී.  සුපුරුදු පරිදි මෙවරත් අලෝක පූජාව සඳහා දායකත්වය සපයන්නේ ලංකා විදුලිබල මණ්ඩලය හා ලේක් හවුස්  ආයතනයයි. ජුනි මස 15 වනදා ඊයේ සිට 17 වනදා දක්වා ආලෝක පූජාව පැවැත්වේ.

    පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් හා යටිතල පහසුකම් සිල්ලට අදාළ වැඩකටයුතු මේ වන විට  මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදු කෙරේ

    ආරක්ෂාව ද සළසා තිබේ. අනෙකුත් වසර වල දී මෙන්ම කිසිදු අපහසුවකින් තොරව මිහින්තලේ පුදබිම පොසාන්  වන්දනාව සඳහා සූදානම් කර ඇති හෙයින් දිවයින පුරා සිටින බැතිමතුන්ට පොසොන් සැමරීමට මිහින්තලයට  පැමිණෙන ලෙස පොසාන් කිමිටුව විසින් ආරාධනය කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya