අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශය ධර්මයෙන් ආලෝකමත් කළ අසිරිමත් පොසොන් පෝය අදයි

    ජූනි 16, 2019

    අනුබුදු මිහිදු හිමියන් වහන්සේ ලක්දිවට වැඩම වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධින් රැසක් සිදුවූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(16) යෙදි තිබේ.

     මිහිදු හිමියන්ගේ ශ්‍රී ලංකා ගමනයෙන් පසු දෙවන පෑතිස් රජු ඇතුළු 40000 ක් පමණ පිරිසකට  චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම සිදුවූයේ ද අද වැනි පොසොන් පොහෝ දිනකය. අනුරාධපුරය සහ මිහින්තලය පූජා නගර කේන්ද්‍රකර ගනිමින් දහස් ගණන් සැදැහැවතුන් ආමිෂ හා ප්‍රතිපත්ති  පූජාවල නිරත වේ.

    එමෙන් ම දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයක් ආශ්‍රිතවම දාන, ශීල, භාවනා වැඩසටහන් සහ දන්සැල්, බැති ගී ප්‍රසංග ඇතුළු බෞද්ධ ආගමික අංග රැසක් සංවිධානය කර ඇත. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම  සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පැවැති සාකච්ඡවක දී  පැවසීය.

     ජූනි 10 වන දා සිට 16 වන දා දක්වා රජයේ සියළු ගොඩනැගිලි පොසොන් සතිය වෙනුවෙන් සැරසිලි කොට  අලංකෘත කරලීමට ද පියවර ගෙන තිබේ. ප්‍රාදේශීය වශයෙන් පාසැල් කේන්ද්‍ර කොට ගෙන ධර්ම දේශනා හා ශීල ව්‍යපාර සංවිධානය කෙරෙන බව අධ්‍යාපන  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස  රජය ප්‍රකාශයට පත් කර ඇත. මෙවර පොසොන් තේමා පාඨය ලෙස ''සබ්බේ තසන්ථි දන්ඩස්ස'' යන තේමාව යොදා ගෙන ඇති බව අභ්‍යන්තර
    ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. එමෙන් ම ජූනි 12 දින සිට 18 දක්වා කාලය අතුළ සියලු සියලු සුරා සැල් හා මස්කඩ වසා දැමීමට තීරණය කර  තිබේ.  රාජ්‍ය අනුග්‍රහය සහිතව රට වැසියන්ට සෙත් පතා ජූනි මස 11 දින සිට 16 දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙම  වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය, ඉහළ කටුගම්පොළ,කවුඩුමුන්න, ශ්‍රී ඉන්ද්‍රසරාරාම රජමහා  විහාරයේදී ආරම්භ වීමට නියමිත අතර එතැන් සිට බෙලිඅත්ත දක්වා විශේෂ රිය පෙරහැරකින් ද බෙලිඅත්තේ සිට  කන්කසන්තරය දක්වා මෙම ආශිර්වාද පිරිත් දේශන සම්ම්ඟ දුම්රිය ගමන් කිරීමට නියමිතය.

    මීට සමගාමීව උතුරු ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වලට පෝෂණ මලු, සහ පොත්පත් බෙදා දීම් වැනි පුණ්‍ය  කටයුතු රැසක් සිදු කිරීමටද බලාපොරොත්තු වන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    රටට ආශිර්වාදය අවශ්‍යම මොහොතක ජූනි මස 22දා සවස 6.00ට රටට ජනතාවට සෙත් පතා  ස්වාමින්වහන්සේලා 500කගේ සහභාගිත්වයෙන් අධිෂ්ඨාන බෝධි පූජාවක් රුවන්මැලි සෑ අභියසදී පැවැත්වීමට  කටයුතු යොදා ඇති බවද බුද්ධ ශාසන අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya