අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘සහසරගම’ ජනතා අයිතියට පත් කෙරේ

    ජූනි 14, 2019

    නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ 2025 සැමට සෙවණ උදාගම්මාන 20000 සංකල්පය යටතේ හම්බන්තොට තිස්සමහාරාම සඳුන්ගම ඉදිවූ 203 වන ආදර්ශ ගම්මානය වන ‘සහසරගම’ ජූනි 14 දින අද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

    ජලය සහ විදුලිය පහසුකම්,අභ්‍යන්තර මාර්ග පහසුකම් සහ ප්‍රවේශ මාර්ග ඇතුළත් නිවාස 22 ක් මෙලෙස ජනතා අයිතියට පත්කිරීමට සූදානම් කර තිබේ. මීට සමගාමීව තවත් සංවර්ධන වැඩසටහන් රාශියක්ද සූදානම් කර තිබිම විශේෂත්වයකි.

    සහසරගම ආදර්ශ ගම්මානයේ පවුල් 22 කට නිවාස හිමිකම් ලබාදීම,සංවර්ධිත බිම් කොටස් 22 ක හිමිකම් ලබාදීම (වටිනාකම රු.ලක්ෂ 165),ප්‍රතිලාභීන් 75 ක් සදහා විසිරි ණය චෙක්පත් ප්‍රදානය (වටිනාකම රු.ලක්ෂ 150),ප්‍රතිලාභීන් 50ක් සදහා ග්‍රාම ශක්ති නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය (වටිනාකම රු ලක්ෂ 250),ශිල්ප සවිය පුහුණුලාභීන් 60 ක් සදහා ප්‍රතිලාභ ලබාදීම (වටිනාකම රු ලක්ෂ 30),නිවාස සමිතිය සදහා පුටු ප්‍රදානය, වකුගඩු රෝගී සායනය හා දේශීය වෛද්‍ය සායනය,දෘෂ්ඨි ආබාධ සහිතවූවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය මීට සමගාමීව සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya